ආර්ථිකඋණුසුම් පුවත්

එක්වෙමු අපි සැම සෞඛ්‍ය සහ යහපැවැත්ම නංවාලීමට

ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය පුබුදිතා අගලකුඹුර ලාංකේය ජනයාට ඇරයුම් කරයි

HYDRATE SRI LANKA  සමාගම  ශ්‍රී ලංකාව පුරා සිටින ප්‍රජාවගේ සෞඛ්‍ය හා යහපැවැත්ම ඉහළ නැංවිමට කැපවී සිටින ජල අයණීකරණ කර්මාන්තයේ ප්‍රමුඛයකු වේ. එදිනෙදා ජල භාෂ්මික, ප්‍රතිඔක්සිකාරක බහුළ සජලනය බවට පරිවර්තනය කරන ඔවුන් ගේ ඉහළ මට්ටමේ ජල අයණීකරණ පද්ධතිය හරහා විද්‍යාත්මකව ඔප්පු කරන ලද සහතික කරන ලද වෛද්‍ය මට්ටමේ ජලය සැපයීම කෙරෙහි අවධානය යොමු කරන ලද ආයතනයකි. ඔවුන් ගේ ඉලක්කය මෙකී අති නවින තාක්ෂණය රට පුරා පැතිරැත් නිවාස, ව්‍යාපාර සහ රාජ්‍ය ආයතන වෙත සපයා හෙළයන් ගේ සෞඛ්‍ය තත්ත්වය වැඩි දියුණු කිරීම යි.

ගුණාත්මක සහ පාරිභෝගික තෘප්තිය වෙනුවෙන් කැපවිම ආචාර්ය පුබුදිතා ගේ හා ඔවුන් ගේ කණ්ඩායමේ අරමුණ යි. Hydrate  Sri  lanka ආයතනයෙ රට පුරා ජලයේ ගුණාත්මක වෙනසක් ඇති කිරීමට ප්‍රමුඛයා වි සිටින බව ආචාර්ය ප්‍රබුදිතා හෙළදිවට කිවා ය.

Hydrate  Sri  lanka ආයතනය මූලිකත්වය දරන්නේ මිනිස් මොළය අවබෝධ කර ගැනිම සඳහා ඉතා සංකිර්ණ අධ්‍යයනයක නිරත ව සිටින ස්නායු විද්‍යාඥවරියක සේ ප්‍රචලිත පුුුබුදිතා අගලකුඹුර ආචාර්යවරිය යි. Huntingtons disease වැනි ස්නායු විකෘතිතා රෝග සහ හදිසි මොළයේ තුවාල හේතුවෙන් ඇතිවන විඥානයේ ආබාධ (DOC) පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති ආචාර්ය අගලකුඹුර මහත්මිය දැනුම හා අත්දැකිම් සම්භාරයකින් යුත් කාන්තාවකි. 

ස්ට්‍රේලියාවේ Monash විශ්වවිද්‍යාලයේ Turner Institue For Brain  and Mental Health අංශයේ මොළය සහ මානසික සෞඛ්‍ය පිළිබඳ පර්යේෂණ කටයුතු මෙහෙයවන්නේ ඇය යි. ඇය Western Ontario විශ්වවිද්‍යාලයේ මිනිස් මොළය පිළිබඳව දීර්ඝ කාලයක් පුරා පරීක්ෂණ මෙහෙයවා ඇති බුද්ධිමතියකි.

ජන සමාජයේ සෞඛ්‍ය තත්ත්වය නැංවීමට හා මොළයේ ක්‍රියාකාරීත්වය සහය වන Alkalized ජලය සම්බන්ධයෙන් වැඩිදුර අධ්‍යයනය කිරීමෙන් පසු එහි ප්‍රතිලාභ ශ්‍රී ලාංකීකයන් වෙත ලබා දිම අරමුණු කොට ගෙන Hydrate  Sri  lanka ආයතනය බිහිකරන්නට ප්‍රමුඛත්වය ගත්ති ය. 

විද්‍යාත්මකව තහවුරු කර ඇති වෛද්‍ය ප්‍රමිතියෙන් යුත් ජලය පොදු ජනතාවට ලබාදීම ඔවුන් සැදී පැහැද සිටින බව අගලකුඹුර මහත්මිය කියයි.

ප්‍රවීණ කථිකාචාර්යවරයකු මෙන් ම ව්‍යාපාරික උපදේශක කෞශල්‍ය අගලකුඹුර මහතා ඇගේ මේ කටයුතුවලට දායකත්වය සපයයි. හේ අධ්‍යාපන හා උපාය මාර්ග සැලසුම් පිළිබඳව ඔහු ගේ නිර්මාණාත්මක හැකියාවන් උපයෝගි කරගනිමින් ශ්‍රී ලාංකේය ජන සමාජයට විද්‍යාත්මක ව ජල විසඳුම් බෙදා හදා දීමට දක්වන උත්සායහ හෙළදිව ඉත සිතින් අගයන්නේ රටක ජන සමාජයකට සංවර්ධනයේ දියුණුවේ ඉදිරි ගමන සක්ෂ්‍යාත් කර ගැනීමට හැම අතින් ම නිරෝගී පුද්ගයයකු ඇවැසි බව දන්නා හෙයිනි. රෝගී ජන සමාජයකට උරුම වන්නේ විනාශය මිස අවශේෂ ලෝකයා හා කරට කර යෙමින් ඉදිරියට පිය නඟන්නට නම්.... අපි හැම අතකින් ම නිරෝගී කයකින් මෙන් ම මනසකින් ද හෙබි පුරවැසියන් විය යුත්තේ ම ය.