උණුසුම් පුවත්දේශපාලන

එක එක්කෙනාට ආණ්ඩු හැදුව ඇති

හෝමාගම කහතුඩුව ජනහමුවේ දී සමන්ත විද්‍යාරත්න කියයි

එක එක්කෙනාට ආණ්ඩු හැදුවා ඇති. දැන් මහජනතාවට ආණ්ඩුවක් හදාගන්න ඕනෑ.
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සමන්ත විද්‍යාරත්න

අවුරුදු 76ක් දුක්විඳලා රටක් බලාපොරොත්තුවන ජයග්‍රහණයක් ලබාගැනීම වෙනුවෙන් අපි කවුරුත් ඉදිරි කාලයේදී ජයග්‍රාහීව වැඩකරමු කියලා මුලින්ම ඉල්ලනවා. මේ ජනාධිපතිවරණය වැළැක්වීමට රනිල්ලා, රාජපක්ෂලා, දැමූ ආරක්ෂක වළලු සියල්ල කඩා අවසන් කර, සැප්තැම්බර් 21දා මහජනතාවගේ සැබෑ පාලනයක් පිහිටුවීම ආරම්භ කරනවා. මේ දක්වා එක එක්කෙනාට ආණ්ඩු හැදුවා ඇති. දැන් මහජනතාවට ආණ්ඩුවක් හදාගන්න ඕනෑ. ජන සහභාගිත්ව සංවර්ධනයකට මුල පුරන්නේ ඒ ජයග්‍රහණයෙන් පසුවයි. මේ රට විනාශ කළ, පක්ෂ වගේම නායකයෝත් කෑලි කෑලිවලට බෙදිලා නන්නත්තාර වෙලා ඉන්නේ.

සජිත්ගේ පක්ෂයේ සභාපති එල්ලකරන චෝදනා සුළු පටු ඒවා නොවෙයි. ඒවගේම රනිල් වික්‍රමසිංහත් ප්‍රශ්න කරන්නේත් ෆොන්සේකා එල්ල කළ චෝදනා පිළිබඳවමයි. අපේ නායකයාට කටයි, බඩයි විතරයි තියෙන්නේ රටක් කරන්න නම් බැහැ කියලා රාජිත සේනාරත්න කියා තිබෙනවා. ඒ අතර ජාතික ජන බලවේගය රට පුරාම මහා සංඝරත්නය ප්‍රමුඛ කරගෙන කාන්තා, තරුණ වගේම වෘත්තිකයන් සංවිධානය කරමින් ජනතාව ඉදිරියට පැමිණ දේශපාලන අවබෝධය ලබාදෙමින් බලය ලබාගන්න දින ගණන් කරමින් සිටිනවා. ගුරු සමුළුව, හෙද සමුළුව වගේම විශ්‍රාමික හමුදා සමුළුව සාර්ථකව පැවැත්වීම පිළිබඳව සතුරන් කළබලවී සිටිනවා. හෙද සමුළුවට නිල ඇඳුමෙන් පැමිණීම ගැන සතුරා විවිධ ප්‍රචාර යැව්වත් මැතිවරණ කොමිසම වෘත්තීය සමුළුවට නිල ඇඳුමෙන් පැමිණීම නීති විරෝධී නොවන බව පැවසුවා. ඒ අය නිල ඇඳුමෙන් පැමිණියේ නැත්නම් සතුරන් කියන්නේ ඔවුන් හෙද හෙදියන් නොවෙයි කියලා. සමන් රත්නප්‍රියලාගේ වෘත්තිය සමිති ඉවරයි.