ආර්ථිකඋණුසුම් පුවත්දේශපාලනවිශේෂාංගව්‍යාපාරික

එක මිටකට සුබ නැකතට – වැඩේ දුන්න අපෙ පඩියට ETF උද්ඝෝෂණය

එතුම කිව්වෙ දෙන්න කියලා - තිබුණු ටිකත් මෙයා කපලා

ජාතික ජන බලවේගයේ හෙවත් NPP පාලනය යටතේ සේවා නියුක්තිකයින් ගේ භාරකාර අරමුදලේ සභාපතිවරයා විසින් සේවක වැටුප් කප්පාදුවක් අරඹා ඇතැ යි කියමින් අද (06) දහවල් එහි සේවක සේවිකාවෝ දිවා විවේකයේ දී උද්ඝෝෂණයක් අරඹන ලද්දාහ. 

වසර ගණනාවක් පුරා සේවක භාරකාර අරමුදල‌ේ සේවක පිරිස විසින් ලද වැටුප් වත්මන් පාලනාධිකාරිය විසින් ඉතා නින්දිත අයුරින් කප්පාදු කරන්නට පියවර ගෙන ඇතැ යි ඔවුහු පවසති. 
මේ දසුන් පෙළ ඔවුන් අරඹන ලද උද්ඝෝෂණයේ අවස්ථා කිහිපයකි. 

සභාපතිට අපි කියන්නෙ - පරණ උන්ගෙ පඩිය දෙන්න

උන්ගෙ පඩිය ඒ ශ්‍රේණියේ - අපේ පඩිය කුණු කූඩයේ

ජනපතිඳුනි මේ අහන්න - වැඩි කළ ටික අපට දෙන්න