දිවි සුරැකුණු තරුණයකු ගේ අත්දැකීමක්
සුනාමි අත්දැකීම 2004.12.26 දා
දවස ඉරිදා වගේ මතකයි. (උඳුවප් පසළොස්වක පෝදා - සංස්කාරක)
ඒ දිනවල සති අන්තයේ ඇති ප්‍රධාන රාජකාරිය මාතර සහ ගාල්ල JMC ආයතනයේ දේශන සඳහා සහභාගී වීමයි. එදින පංතිය පවත්වන ලද්දේ බස් නැවතුම්පළ පිටුපස, චීන කොරටුව මැද පාරේ ඇති ගොඩනැගිල්ලක ඉහළ මහලක වේ.
උදේ 9.30 ට පමණ කළු පැහැති මහා ජල කඳක් චීන කොරටුව මැද පාර දිගේ ගලා ආ අතර , මිනිස්සුන් ද ඒ ගලා ආ ජලකඳින් ගහගෙන යන ලදී.
දහවල් 2 පමණ වනතෙක් ජලය අඩු නොවූණි. සිසුන් 40 ක් පමණ විය. ඉණවටක් ජලයේ බැස වීදුරු කටු වලට කකුල් කැපී ලේ ගලද්දී ඒ වේදනා දරාගෙන වක්වැල්ල පාරේ කන්දකට ගොඩ වීමි. අනතුරුව කරාපිටිය දෙසට පයින් ම ගමන් කරන විට , විවෘත ට්‍රක් රථ වල සුනාමියට හසුවූ විශාල පිරිසකගේ මෘත ශරීර කරාපිටිය රෝහල දෙසට ගෙන යන දසුන් දකින ලදී.
මා සමග එදින පංති කරන ලද බන්දුල ගල්හේන මිතුරා ද සිටියේ ය.
කි.මි. 8 ක් පමණ පාගමින් මීපාවලට ගොස් රාත්‍රීය ගත කරන ලදී. බොහෝ දිනවල 10.00 ට පමණ පංතිය ආරම්භ කරන්නේ නම් 9.30 ට පමණ උදැසන ආහාර ගැනීමට බස් නැවතුම ඉදිරිපස හෝටල් වල අසුන් ගෙන ය.
ඒත් එදා නම් පෙර පිනකට 8 වන විට මාතර සිට ගාල්ලට පැමිණි නිසා සුනාමි අවස්ථාවේදී ආරක්ෂාකාරි ස්ථානයක සිටි බැවින් මෙම අමිහිරි මතකය සිහිපත් කරමින් මේ සටහන තබන්නට තරම් මා වාසනාවන්ත වූවා නොවේදැ යි වේදනාවෙන්ක වුවත් සඳහන් කළ යුත්තේ ය.
සුසන්ත කුමාර හේවගේ
උපුටා ගැනීම - මුහුණු පොතේ 'කරාපිටියේ අපි' පිටුවෙනි
