උණුසුම් පුවත්කාලීනවිශේෂාංග එපා ගැති වෙන්න…. 2025-05-200 අකුරු සාස්තෙර් නොදත්තත්... අකුරු සාත්තරේ නොදත් අම්මා මං ළඟට කැන්දන් පොත පතේ නැති දේවල් කියා දුන්නේ කනට මීපැණි වක්කරන්නා සේ බෝ ආදරෙන්, බෝ දයාවෙන් බෝ සෙනෙහෙයෙන් පුතේ යැ යි අමතමින් කොල්ලෝ මෙහෙවරෙන් යි අතින් අල්ලා ළඟට අරගෙන මෙහෙම කියනවා මයෙ අම්මා මෙමට එපා කිසි විටෙක කරන්නට හිතන්නටවත් වැරද්දක් කිසිදු විදිහක කිසිදු කෙනකුට මැසි මදුරුවකුටවත් ඒ මගේ අම්මා කියා දුන් පාඩම්වලින් එකක් විතරයි. හැබැයි අම්මා පහදා දුන් කිසිවක් නැහැ තිබුණේ මගේ කිසිම පාඩම් පොතක එපා ගැති වෙන්න... කිසිවකුටත් යුක්තියට හිස නැමුවත් එපා නමන්නට හිස අයුක්තියකට නම් පුතේ ඒත් ඉතින් අම්මා කියා දුන් මා ඇකයේ හොවා කරන්නට මා නැහැ අමතක කළේ කිසි විට..... අම්මා මගේ ඒ උපදෙස් ඒ පාඩම් කොහොම දුන්න ද කිය තවමත් බැහැ මට හිතා ගන්නට ! - සුමැ Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article විජයග්රහණයේ 16 වැනි රණවිරු සමරුව Next Article යුරෝපා මාස්ටර් මලළ ක්රීඩා තරඟාවලියෙන් පදක්කම් තුනක් සිරිලකට