බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් ගේ කවි 24 ක් හා විදෙස් කවියන්ගේ කවි එකතුවක්


පරිවර්තක එස්. ජී. 'අකුණු පහන' අරඹන්නේ අවසර යි කියමිනි
අවසර යි
අතොරක් නැතිව අකුණු පහළ වේවා!
මක්නිසාද අඳුරේ සිට දුෂ්ටකම් මේ යෙදෙන සියලු බියකරු මුහුණු ඉන් මොහොතකට වත් දිස්, වී පසක් වී යන හෙයිනි මෙහි එන ගැදි වෙස්ගත් පැදි බුරුත්ත සමාජයේ අඳුර එළියට අදී. ඒ අතර එය එකම මානව දයා වාහිනියක් මෙන් අප ආත්මය වැළඳ ගනි. ඉක්බිතිව බුද්ධියේ ආලෝක ධාරාවක් මෙන්, මතුවී මග පෙන්වයි. එහෙත් ඒ එවන් එළියක් වුවමනා අයට පමණි! බර්ටල් බ්‍රිස්ට් "සිංහ රූපය" නම් කවි සිඟිත්තකින් මෙසේ පවසයි.
" දුෂ්ට මිනිස්සු එහි නිය පහුරු ගැන බිය වෙති!.
" යහපත් මිනිසුන් එහි ප්‍රෞඩ අලංකාරය රස විඳිති."
" මගේ කවි ගැනත් එයම සිදුවේවා!"
මෙහි එන සියලු කවි විඳිය හැක්කේ එසේ එක් පසෙක සිටිමිනි බ්‍රෙස්ට්ගේ පැතුම පාඨකයන්ටද වේවා!
මේ පරිවර්තනයන් හිදී කවියට උරුම අබරණ උනා තබා අරුත ම පණ නල ලෙස සැලකිණි. අරුත රසයක් පමණක් ද, අලංකාරයක් නොවේද? අඩුවක් විණි නම් අරුතට රස හව් සපුරා ගෙන විඳිය යුතු විඳිත්වා! සමාජය පිළිබඳ සත්‍ය දැක්ම හා රස විඳීම අතර පවුරක් නොතැනී, සත්‍යය විඳීම සිදුවන්නේ නම් අගනේ යි. මන්ද කවිය තුළ පළමුව වෙනස් වන ලොව, අනතුරුව ලොව තුළ කවිය වෙනස්වීම දක්වා පිවිසෙන හෙයිනි.
ඉන්දියානු නිදහස් අරගල සමයේ වඩාත් ප්‍රකට වූ සුබ්‍රමන්‍ය භාරතී මහා කවියකු ලෙස පුද ලබයි. ක්‍රිෂ්ණ ගීත, පංචාලිගේ ප්‍රතිඥාව කෝකිල ගීතය නම් මහා කාව්‍ය තුනක් ලියා ඇත. භක්ති ගීත සහ විවිධ කවි රැසක් ඔහුගේ කුසලතාව පිළිබිඹු කරයි දේශප්‍රේමය හා නිදහස ගැන ලියවුණු කවි ලොව පුරා පතළ ය. ඔහු ජනතාවගේ කවියකු ලෙස පිළිගැනුණේ ද නිදහස් අරගලය උදෙසා ලියවුණු කවි නිසාය.
සෙසු කවීන් අතර වැඩිදෙනා තුන්වැනි ලෝකයේ යථාර්ථය වූ නව අධිරාජ්‍ය විරෝධී අරගලයේ පිය සටහන් ප්‍රකට ව පිළිබිඹු කරති. කියැවීමෙහි දී නො පෙනුණත් විඳීමේ දී ඔබ එහි සියලු ලීලා විලාස දකිනු ඇත.
කවරේ සිතුවම ලක්ෂ්මන් කහට පිටිය ගෙනි. මුද්‍රණ සහාය 'සාර මුද්‍රණ' හි රෝලන්ඩ් අබේපාල මහතා ඇතුළු ඒ කාර්ය මණ්ඩලයෙනි. ඔවුන් කෙරෙහි අපගේ ඉමහත් ප්‍රසාදය පිරිනමේ!
බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් ගේ කවි
"මෙවන් දුෂ්ට යුගයක් තිබුණාදැයි අනාගත පරපුර නොවිමසනු ඇත. එහෙත් එම යුගයේ කවීන් කුමක් කළාදැයි ඔවුන් විමසනු නිසැකය."
කවියාගේ කාරිය ගැන බ්‍රෙෂ්ට් කී සැටි එසේ ය. යුගයේ කට හඬට සැබෑ ස්වරනාදය සැපයීම කවියාගේ මෙහෙවර ය. නිකම් ඈ, බෑ, ගාන ගොළුවකු වීමෙන් කවර පලක් ද? තම ඇස් පනාපිට නිදහස නැතිවෙද්දී, කොහොමද විරුද්ධව යමක් කියන්නේ අසවල් කරදර සිදුවෙනවා නේදැයි නිදහසට කරුණු දැක්වීම තරම් වංචනික ගුණයක් තවත් තිබිය හැකිද?
"මේ ඝන අන්ධකාරයේ ගී ගැයිය හැකිදැයි ඔබ ඇසුවොත්, "ඔහු අන්ධකාරය ගැන ගායනා කළ හැකි" යයි බ්‍රේෂ්ට් අවසනු ඇත මේ සමග පළවන ඔහුගේ කවි එයට නිදසුනක් වේ.
ලෝ පතළ නාට්‍ය කරුවකු මිස කවියකු ලෙස ඔහු ගැන දන්නා තරම් අඩු ය. ලුහුඬුය. එහෙත් ඔහු මුද්‍රිත කවි පිටු 1500 ක් පමණ ලියා ඇත. එයින් ඉංගිරිසියට පෙරළී ඇත්තේ අඩකටත් අඩුවෙනි. වැදගත් ම කරුණ නම් ඔහු සිය යුගයේ සිදු විය යුතු ප්‍රධාන දේ ගැන ලියූ බවය.
ඔහුගේ කවියට අටුවා ටිකා වුවමනා නැත. පැහැදිළිය. තමන් කළ යුත්ත දන්නා හෙයින් නිරවුල්ය. තමන් සිටින තැන පැහැදිළි ය. එහෙයින් කවිය ඉලක්කයට වදී.
කම්කරුවකුගෙන් වෛද්‍යවරයෙකුට 
අපට ලෙඩ හැදෙන හැටි අපි දනිමු.
එහෙත් අප හට හැදෙන
රෝග සුව කරන්නා ඔබ වෙති'යි
උගන්වා ඇත අපට.
දනන් දනයෙන් තැනුණු
මහා විදුහල් වලින්
උගෙන දැන රෝග සුව කරන හැටි.
ඇත්තෙන්ම ඔබට සුව,
කළ හැකිද අපේ ලෙඩ?
ඉතින් අප ඔබ වෙතට පැමිණි කල
ගතේ වැරහැල්ල ඇද ඉවත් කොට
නලාවෙන් හැම තැනම
පිරික්සති අප සිරුර.
ආපොයි ඒ කඩමාලු දෙස මඳක්
නෙත් හෙලා බලනු මැන
රෝගයේ නිදානය එහි තිබේ.
සිරුර මෙන් කඩමාලු දිරාපත්
වුණේ එක් හේතුවක් නිසාමැයි.
උරහිසේ වේදනා ඇති වන්ට කාරණා
ඔබ කියති. තෙත ගතිය නිසා බව
බිත්තියේ බිත්තියේ පැල්ලමට හේතුවද එය තමයි.
කියනු මැන ඒ නිසා
තෙත ගතිය පැමිණෙන්නේ කොතැනින්ද?
වැඩි වැඩයි, ලුණු කැදයි
නිසා පෑදිලා ඇත ඇටසැකිලි
හොඳ අහර ගන්න ලෙස කියති ඔබ
අනේ ඇත්තටම එය
විලේ පන් පඳුරකට 'තෙත ගොඩේ
නො හැදෙන්න, වැස්සටත් නොතෙමෙන්න
කියා පවසනු වගෙයි.
' රෝගයම පරම දනය යි ඔබට අපි කියමු
' මා කුමක් කරන්න ද? එවිට ඔබ කියනු ඇත.
ඒ කතාවම තමයි
අපේ බිත්තියෙන්.
තෙමෙන තැන් කියන්නෙත්.

