ආර්ථිකඋණුසුම් පුවත්පරිසරය

ඒෂියා ලෙෂර් ලිමිටඩ් සමාගමට ටැමරින්ඩ් හෝටල් පාලනයෙන් ඉවත් වීමට කොළඹ වාණිජ මහාධිකරණයෙන් නියෝග

වසර 250 ක් තැරම් පැරණි ගොඩනැගිල්ලකි ටැමරින්ඩ් හිල් හෝටලය

ගුණවර්ධන නම් පවුලක් විසින් ගොනුකළ පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුව    ප්‍රදීප් හෙට්ටිආරච්චි සභාපතිත්වයෙන්සසමන්විත කොළඹ වාණිජ මහාධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබිණි.

ගාල්ලේ ටැමරින්ඩ් හෝටලයේ කළමනාකාරීත්වය සතු ඒෂියා ලෙෂර් ලිමිටඩ් සමාගමට එහි පාලනයෙන් ඉවත් කරනා නියෝගය උක්ත ගුණවර්ධන පවුලට අයත් දේපොළක් බව ඔවුන් අධිකරණයට ප්‍රකාශ කරමින් පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි. 

පැමිණිලිකාර පාර්ළ්වය විසින් මෙම පෙත්සම ගොනුකර ලද්දේ වසර ගණනාවක් නොගෙවූ කුලිය සහ වලංගු බදු ගිවිසුමක් නොමැතිව ඒෂියා ලෙෂර් හෝටලය පවත්වාගෙන යෑම බව සඳහන් කරමිනි.

වසර 250 ක් පමණ පැරණි මන්දිරයක් වන ටැමරින්ඩ් හිල්ය හෝටලය පෞරාණික විලාසයක් ඉස්මතු කරන විලාසිතාවෙන් යුතු සුඛෝපභෝගී එකකි. එය, ගාල්ලේ ප්‍රධාන පෙළේ හෝටලයක් සේ සැළකේ

එසේ තිබියදීත්, ඒෂියා ලෙෂර් විසින් කුලී ගෙවීමට අපොහොසත් වීම මෙම නීතිමය පියවර ගැනීමට හේතු වී තිබේ.