උණුසුම් පුවත්කාලීනසංස්කෘතික

ඓතිහාසික දෙව්නිමෝරි ශ්‍රී සර්වඥ ධාතු වන්දනාව ජනපති ප්‍රධානත්වයෙන් අද ඇරඹේ

හෙට (5) සිට 11 වැනිදා දක්වා සතියක් සර්වඥ වන්දනාවට අවස්ථාව

ඡායාරූප - කුසුම්සිරි විජයවර්ධන ගෙනි

ඉන්දීය අගමැති නරේන්දු මෝදි මහතා ගේ මැදිහත්වීමෙන් ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් මෙරටට වැඩම කරන ලද ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාව අද (04) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැත් වේ. 

නරේන්ද්‍ර මෝදි මහතා ගේ උපන් ගම් ප්‍රදේශය වන ගුජරාට් ප්‍රදේශයේ  ‌ෙඑතිහාසික දෙව්නිමෝරි භූමියේ දී 1960 දසකයේ සිදුකරන ලද කැණීම්වලින් සොයා ගන්නා ලද බුදුරජාණන් වහන්සේ ගේ මෙම ශාරිරික ධාතූන් වහන්සේ මෙතෙක් ඉන්දියාවෙන් පිටතට වැඩම කර නොමැති අතර පසුගිය දා සිදුවූ ඉන්දීය අගමැති මෝදි මහතා ගේ ශ්‍රී ලංකා සංචාරයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ පැවැත්වූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම සර්වඥ ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට ලාංකේය ජනතාවට අවස්ථාව උදා වී ඇත. 

හෙට (5) සිට ශ්‍රී සර්වඥ ධාතූ වන්දනාව පෙබරවාරි 11 දා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ දී පැවැත්වේ.