උණුසුම් පුවත්කව් මිණි වැල්සාහිත්‍යය හා කලාව

ඔබේ හදවත

නුඹ කඩුපුල සහ මම

Елена Попова

එළිනා පොපොවා යනු යුක්රේන ජාතික තරුණියකි.
මුහුණු පොත ඔස්සේ ඇය අප හා මිත්‍රත්වයක් වගා දිගා කර ගන්නට අපේක්ෂාවෙන් ඉල්ලීමක් කළා ය. මාස ගණනාවක් ම නිහඬව හුන් අප ඇයට දිනෙක සුබ පැතූවිට ඈ ඊට ප්‍රතිචාර චැක්වූයේ දෑත් එක්කර වඳිනා ස්ටිකරයකින් සිය සතුට පල කළා ය.
තමා යුක්රේන ජාතික තරුණියක බව සඳහන් කළ එළිනා පොපොවා රුසියාව හා යුක්රේනය අතර පවතින කුරිරු යුද්ධය නිසා අඩාලව ඇති ජන දිවිය ගැන සඳහන් කළේ බෝ දුක්බර වචන වලිනි. තමා දිවි ගෙවන ප්‍රදේශයේ යුද ගිනි දැල් නොපවතින නමුදු  යුද ගිනි පැතිරැති රටේ තන්තන් හි ජනයා යුද බියෙන් පීඩාවට පත්ව හිඳිනා බව ඈ අප වෙත යොමු කළ සටහනකින් කියැවුණි.
දිවිගමනේ ඇති අසූරුතා කෙබඳුදැයි කී ඈ ජංගම දුරකතන පරිහරණයට ඇවැසි දුරතකන තරංග සංඥා පවත්වා ගන්නට නිවසට යාබදව පිහිටි කන්දකට ඈ නඟින බව ද කීවා ය.
ඇගේ නිර්මාණකරණය ගැන විස්තර දී එළිනා ඈ ලියන පද්‍ය උකහා ගෙන හෙළදිවට එක්කරන්නට කැමැත්ත දුන්නා ය. මේ ඈ යුද බියෙන් දිවිය සසල කරගත්තු ඇගේ ගෙත්තමක් හෙළදිව පාඨක ඔබ වෙත මෙසේ අමුණන්නේ දිරිය තරුණියක වෙනුවෙනි. මෙවන් ඇත්තියන් තවත් කොපමණ මෙලොව පුරා විසිර පැතිර සිටින්නේ ද?  

-  Elena Popova -  එළිනා පොපොවා

              Елена Попова

Я хочу в твоём сердце найти

Неприемлемость всех бессердечий,

Штампов истин, узорчатой речи,

Невозможности падать в пути.

Я хочу в твоём сердце смотреть

На желанье пресечь чей-то шабаш,    

На наклон к ненамеренно -слабым,

На страстей перекрашенных смерть.

Я хочу в твоём сердце прочесть

Бессловесную мудрость и нежность.

Чтоб была нам не как неизбежность

Нашей встречи дарована честь.

මේ ඇගේ පදවැල යි

 මට ඔබේ හදවත සොයා ගැනීමට නෑ

හදවත් නැති සියලු මිනිසුන් පිළිගැනීම,
සත් යයේ මුද්දරය, සාම්පල් කථාව,
බැරිකම් මග වැටෙමින් පවතී.
මට ඔබේ හදවත බැලීමට අවශ්‍යයි
කාගෙහරි ඇඳුමක් කපන්න ආසාවට,
නොදැනුවත්වම දුර්වල අය වෙත නැමීම,
නැවත වර්ණනා කළ මරණයේ ආශාවන් මත.
මට ඔබේ හදවත කියවන්න අවශ්‍යයි
නොකියූ ප්‍රඥාව හා මුදුකම.
එබැවින් එය අනිවාර්ය නොවන බවට පත්විය යුතුය.
අප හමුවීමට ලැබීම ගෞරවයක්.

💛💛💛💛 💛💛💛💛

 

 

නුඹ කඩුපුල සහ මම                               

සිතේ සැඟවුණු රිදෙන සිතිවිලි රෑට යහනේ                      නිඳනවා   

දෑස් යට රැඳි කඳුළු කළුවර හිරුත් සමඟින්                       පිපෙනවා

ගතේ ලේ බිඳු කිරට හරවා පෙවූ හැටි සිහි                        කරනවා  

පුතේ නුඹ කොයි කොතැන සිටියත් අදත් යටි හිත               අඬනවා

එදා වාගෙම අදත් වැට දිග දහක් කඩුපුල්                        පිපෙනවා                                                                                          

නුඹත් සමඟින් රැයේ මැදියම නෙළා පිදු හැටි                 හිතෙනවා                                                                                       

එදත් කිරිකැටි සිනා නඟමින් ළඟින් උන් හැටි                දැනෙනවා                                                              

මතුත් භවයක නුඹත් සමඟින් යළිත් කඩුපුල්                      පුදනවා                                                                 

අපේ දුක හඳුනන්නෙ නැති අය තාම හිත ළඟ                   ඉන්නවා                                                                            

නෙතේ කඳුළැලි හිතේ යටකර මාත් උන් ළඟ                 රැඳෙනවා                                                                       

වතේ නුඹෙ කිරි කැටි සිනා මල් දැනුත් හිත යට               පිපෙනවා                                                                 

පුතේ දෙව්ලොව සිටින නුඹෙ වත අම්මි සිහිනෙන්             සිඹිනවා                                                

       - ඉන්දුමංචනායක -

 

 

 

 

💛💛💛💛 💛💛💛💛

මන මෝහන කොමළ සිනා

මන මෝහන කොමළ සිනා කැකුළු පානවා...
නිලුපුල් දෙනුවන් විදහා ඔමරි කරනවා...
නා දළු තොල් පෙති අතරින් සෙනෙහස දෙනවා...
මිණි කිංකිණි නාදෙන් හැම විට සනසනවා..
ඇල දොල සිදී හිරුගේ රැස් වළලු දිගේ...
ගහ කොළ වියලිලා මැසිවිලි දසත නැගේ..
ඉඩෝරයේ පිපෙනා මල් සුවඳ වගේ...
අමාරුවේ ළඟ සිටිනා සැවොම අගේ...
රිදුම් බිදුම් ඉදිරියේ සවිමත් වෙන්න...
වැරදි තුළින් නිවැරදි මඟ දැන ගන්න...
පැරදි පැරදී ජය මාවත වෙත යන්න...
හානි නොසළකා හිනැහී සැනසෙන්න...
      ඇන්ජලා පැල්පොළ
💛💛💛💛💛💛💛
--