මතකය අලුත් කිරීම - අසෝක මෙන්ඩිස්
අප සිප් සතර හැදෑරූ, දකුණු වෙරළබඩ, ගාල්ලේ,
ශාන්ත ඇලෝසියස් විද්‍යාලය........
' CERTA VIRILITER'. ' මිනිසෙකු සේ දිරිවඩමු.'
' මිනිස් කමට සරි ඒ...'
අපේ විදුහල් ගීතය.
ඈත අතීතයේ වරද කළවුන් ප්‍රසිද්ධියේ එල්ලා මරා දැමීම සඳහා පාවිච්චි කල මෙම කඳු ගැටය මුදුනේ ම පිහිටි ශාන්ත මරියා ආසන දෙව් මැදුර........
අඩ සියවසකට පෙර දෙව් මව් සෙවණැල්ලේ කෙළි දෙළෙන් ගතකළ අපගේ පාසැල් දිවිය...
ගල් අඟුරු එන්ජිම සහිත දුම්රියේ සහ පෙට්ටි දෙකක් පමණක් ඇති කුඩා රේල් කාර් එකේ පාසැල් ගිය අපි.......
පෝරක කඳු මුදුනේ සිට අප දුටු ලෝකය. ඒ ලෝකය එකලු කළ,
ඉන්දියන් සාගරය, ගාලු වරාය, ගාල්ලේ මහ පිට්ටනිය, ගාලු කොටු පවුර, නගර ශාලාව, කන්දෙවත්තෙ මෝඩ ඇළ, දුම්රිය ස්ථානය, බස් නැවතුම්පොළ, ධර්මපාල උද්‍යානය, බෞද්ධ මධ්‍යස්ථානය, ශිවම් කෝවිල, බන්ධනාගාරය, කිත්තංගෙය, ෆැටිමා හෝල් එක, කන්දෙවත්තෙ පොඩි බෝඩිම, ටෙක්නිකල් එක, ජේල් රෝඩ් එක, ටෙම්ප්ලර්ස් පාර, අබේසුන්දර පාර, කන්දෙවත්තට යන පටුමග, විද්‍යාලෝක, පුඤ්ඤසාර, විජයානන්ද පිරිවෙන්, තුවක්කුගල පන්සල, හයර් ස්ටඩීස්, ඉගෙනුම, සංඝාරාමෙ රෑ ඉස්කෝලේ,
විද්යාලෝකෙ, ඕල්සෙයින්ට්ස්, රිච්මන්ඩ්, මහින්දෙ, සංඝමිත්තෙ, රිපන්, මල්හරුස් සුල්හියා, ඕල්කොට්,
අප විද්‍යාලයේ සැමගේ ආදරය දිනාගත්
ගාලු කොටුවේ සවුත්ලන්ඩ්ස් බාලිකාව........
සහ අපගේ සොයුරි පාසැල ශ්‍රී හෘදය කන්‍යාරාමය...
අපට ඉගැන්වූ අපගේ සදාදරණීය ජේසු නිකායික ඉතාලි, බෙල්ජියානු, අයර්ලන්ත, ඉන්දියානු ජාතික සහ ශ්‍රී ලාංකික පියතුමන්ලා, සහෝදර තුමන්ලා, පැවිදි සොයුරියන්, ගුරු පියවරුන් සහ ගුරු මෑණි වරුන්.....
ගරු පර්සි ඒබ්‍රහම්, ඔලිවර් මොරෙල්ලි, කැප්රියෝලි, පීටර් ගෝමස්, ලියොන්, ජුලියස් පොගානි, පෝල් කැස්පර්ස්, ස්ටීවන් පෙරේරා, මාක් පෙරේරා, පර්නියෝලා, බතාලියා, කිරියාටි, ඒන්ජල්ස්, ඩිමැටියා, වර්නන් රෙජිස් යන ගරු පූජා ප්‍රසාදීන් වහන්සේලාද,
අපට පිට රටවල මුද්දර බෙදා දෙන ගරු මැරීනෝ පියතුමන් ද, සහෝදර තුමන්ලා වන ගරු ඇන්ඩෲ, ඇන්ටන්, වෑන් ලියරොෆ්, ඩිනොයියා, බේලන් සහ පසුව ' මාක් ශ්‍රී ආයතනයේ නිර්මාතෘ වරිය වූ ද, අපට 6 ශ්‍රේණියේදී ' සාමාන්‍ය විද්‍යාව' - GENERAL SCIENCE ' ඉගැන්වූ ගරු රීටා පෙරේරා සහෝදර තුමියද,
ඈත මුහුදේ ගමන් කරනා නෞකා වලට ද, අප ජීවිත වලටද නිවැරදි මග පෙන්වූ
' උතුරු තරුව' වන් ශාන්ත මරියා ආසන දෙව් මැදුර.....
එම කඳු පාමුල සිට අපට ආශීර්වාද කළ, අප සැමදා නමදින, නිර්මල දේව මෑණියන් ගේ ප්‍රතිමාව සහ ශාන්ත ඇලෝසියස් මුනිඳුන් ගේ ප්‍රතිමාව,
හිමිදිරි උදෑසන දේව මන්දිරයේ ගැයෙන යාච්ඤා, ආසිරි ගී, බැති ගී සමග හමා එන මද සුළඟ......
එයටම මුසු වී විහිදෙන පිණිබර සුදිලෙන පිච්ච, අරලිය, කෝපි මල් වල ඉමිහිරි සුගන්ධය........
දේවස්ථානය ඉදිරිපස පහළ පිට්ටනියේ, මුහුද දෙසට එල්ල කර සවි කර තිබූ ලන්දේසි කාලතුවක්කු තුන.....
ස්වර්ගස්ථ වූ ගරු පියතුමන්ලා, ගුරුවරුන්, මාගේ සදාදරණීයයන්, මිතුරු මිතුරියන් සිහිපත් කරවන මතකයන් සමගින් නොයෙක් වර්ණවලින් දීප්තිමත් වූ සිහින් වළාකුළු අතරින් ගිනි බෝලයක් මෙන් මුහුදට බැස යන මළ හිරු දෙස බලාගෙන ගාලු කොටු පවුරේ කෙළවර බංකුවක වාඩිවී තනිව ගතකළ ඒ වේදනාත්මක පාළු අඳුරු සැඳෑවන්..........
මළහිරු බැස ගිය පසු හදවතට දැනුන ඒ වේදනාව සහ පාලුව..
ඔබ හැදුනු වැඩුනු, දුක සැප බෙදා ගත් ඒ ලස්සන පෞරාණික, ආදරණීය නගරය......
' පවුරක උරුමය ' සමගින් අපගේ කුඩා පා සටහන් ඇඳුනු අප හදවතේ පූජනීය, ගෞරවනීය නගරය, දකුණු පළාතේ අග නගරය....
අපේ ගම...ගා..ල්..ල. G..A..L..L..E.
ඔබ ලොව කොතැනක සිටියත් ඔබගේ ආත්මය සුවපත් කරවන ඇය.. තම හදවතේම තබා ගන්න.
ඇය......තම ආදරණීය ගාලු පුත්‍රයෙකු වූ ඔබව - කිසිදු දිනක අමතක නොකරනු ඇත.
එම නගරයේ වෙසෙන ඔබගේ යහපත් මිතුරන් හිරු නැගෙන පැයේදී ත්, හිරු බසින පැයේදී ත්,
සැ..ම..දා..ම..ත්,
ඔබව ආදරයෙන් සිහිපත් කරනවා ඇත.
එසේම එම මිත්‍රත්වය ද සදා නොමියෙනු ඇත.
ඒ දින වල අප විදුහලේ උගත් සිංහල, දමිළ, මුස්ලිම්, බර්ගර්, චීන, පාකිස්තානු, ඉන්දියන් සහ මැලේසියානු සොහොයුරන් ද බෞද්ධ, කතෝලික, ඉස්ලාම්, හින්දු භක්තිකයන් ද,
මොවුන් අතර ජීවත් වෙමින් අප ලැබූ සාමාජයීය අත්දැකීම්, එදා ගාලු මහජන ක්‍රීඩාංගනයේ ( වත්මනෙහි ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටිය) අප සහභාගී වූ නිවාසාන්තර මලල ක්‍රීඩා තරඟයන්.....
අප විදුහලේ නියුට්, මර්ෆි, කූර්මන්, වෑන්රීත්, ස්ටෑන්ඩර්ට් නිවාස,
රතු සහ සුදු හරස් ඉරි සහිත ( RED and WHITE) ටයි පටි සහ රතු පැහැති හෙයාර් බෑන්ඩ් පළඳින
ශ්‍රී හෘදය කන්‍යාරාමයේ සිසුවියන්ගේ,
නාසරෙත්, කරිටාස්, කිංග්ස්, ක්වීන්ස්, නිවාස ද,
තද රතු පැහැති ටයි පැළඳ සිටින සවුත්ලන්ඩ්ස් බාලිකාවන්ගේ
හෙලියර්, හන්ටර්, වෙස්ට්ලෙක්, වයිස්මන් නිවාස,
ඒ තරග තුනටම සහභාගි වූ අප වෙත ඔවුන්ගේ තිබූ සහෝදරත්වය, බැඳීම සහ ආදරය......
අප විද්‍යාලය තුළ පන්ති පිළිවෙලින්, ප්‍රධාන ශාලාවට ඇවිදගෙන යන විට සහ රැස්වීමට යන විට දෙදෙනා බැගින් අත් අල්ලාගෙන යන සංස්කෘතිය, එවිට තම හොඳම මිතුරා සමග යන අතර එයින් අන්‍යොන්‍ය සහෝදරත්වය, ලෙන්ගතුකම සහ ආරක්ෂාව දැඩිව දැනුණි. ( මා පාසලේ සිටිනාතුරු මත්, ඔහුගේ ඩික්සන් පාරේ යනවිට දීත් කොහි ගියත් එකිනෙකාගේ අත් අල්ලා ගෙන ගියේ පසුව මහාචාර්ය වරයෙකු වූත් මාගේ හොඳම මිතුරා වූ ගිහාන් වික්‍රමනායක සමගය. අපට වයස අවුරුදු 50 ගණන් වල දී ද අප දෙදෙනා හමුවූ විට එම පුරුද්ද අප අතර තිබුණි.
ඒ පුරුද්දටම පසු කලෙක දී මාගේ දියණිය වූ සඳුනි ලංකාදරී මෙන්ඩිස් සහ පුතා වන චමෝද් ලක් සමුද්‍ර මෙන්ඩිස් ද සමගින් ගාල්ලේ විවාහක පොලිස් නිවාස වල පදිංචිව සිට සවුත්ලන්ඩ්ස් බාලිකාවටත් ශාන්ත ඇලෝසියස් විදුහලටත් ඔවුන් සමග යන ඕනෑම විටෙක දීත් අත් අල්ලාගෙන ගියෙමු. පසු කලෙක මාගේ දුව පැවසුවේ එයින් ඇයට විශාල විශාල ශක්තියක් සහ ආරක්ෂාවක හැඟීමක් දැනුන බවයි.
එසේම මා දැන් ඇයගේ දුව වන ආධ්‍යා ජෝර්ඩ්න් ගේ අත් අල්ලාගෙන පිය නගමි.
එනමුත් අප විදුහලේ පැවතගෙන ආ, ගරු පියතුමන්ලාගෙන් අප ලැබූ එම දායාදය සහ එම වටිනා පුරුද්ද දැන් එහි දක්නට නොමැති වීම ගැන කණගාටුවට පත් වෙමි.
ක්වීන්ස්, ප්‍රින්ස්, සරසවි චිත්‍රපට ශාලා, සවුත් සිලෝන්, K.L.H. අයිස් ක්‍රීම්, එම්පයර්, අපි තෝසෙ කන ශෛව හෝටලය, GALLE C.C., සදර්න්, ගාමිණී CLUB,
ගාලු නගර සභා පුස්තකාලය, ඉන්ධන වලින් විදුලිය නිපදවූ පැරණි POWER HOUSE එක, සරසවි චිත්‍රපට ශාලාව ළඟ තිබූ පැරණි ලන්දේසි සුසාන භූමිය, එතැනම පොලිස් විවාහක නිළ නිවාස පිටුපස තිබූ දිග, පොදු වැසිකිළි පේලිය සහ චීන කොරටුව සමුපකාර ප්‍රාදේශිකය,
ලයන්, වෙස්ට් එන්ඩ්, ගීතා ස්ටුඩියෝ,
ආරියදාස, තක්සලා- නාලන්ද, එම්.ඩී. ගුණසේන, වීරමන්, යුනිවර්සල් ආදී පොත් හල්.
චීන දත් බඳින සාප්පුව, ලාල් සමාගම, සිඩ්නි බාර් එක, එස්.යූ. මොහෙමඩ් හාජියාර්, පකිස්ථාන් ස්ටෝර්ස් සහ කුඩාහෙට්ටි වයින් ස්ටෝර්ස්,
මහජන පොත් හළ සහිත ( රතු පොත් තිබෙන) දෙපැත්තට පියස්ස බා තිබූ පේව්මන්ට් කඩ පේලිය. ( අද මෙම ස්ථානය ගාල්ල පොලිසිය ඉදිරිපිට ගාල්ල බස් නැවතුම්පොළ ඇති, GALLE C.C. ක්‍රීඩාගාරයේ පිටුපස ප්රදේශයයි.) එහි කුඩා ළමයෙකු පන පිටින්ම වල ලා, එය උඩින්ම ගිනි ගොඩක් පත්තු කරන මිනිසෙකු, තෙල් බෙහෙත් විකුණන්නන්, නයි නටවන්නන් හා පොකට් කාරයින් ගැවසෙන පචගහ...
සැඳෑ කාලයේ අප පුහුණුවීම් සඳහා දුවන ගාලු කොටුවෙ RAM PART එක, ගාලු කොටුවෙ GALLE SERVICE'S CLUB එක සහ PUBLIC SERVICE'S CLUB යන ටෙනිස් ක්‍රීඩා සමාජ,
සුප්‍රීම් උසාවිය ( අද මහාධිකරණය), දිස්ත්‍රික් අධිකරණය, පොලිස් උසාවිය ( අද මහෙස්ත්‍රාත් අධිකරණය) සහ ඒ මැදින් ඇති අනික්
'පච ගහ'.
ලංකාවේ පැරණිතම පෘතුගීසි බලකොටුව ( කළු කොටුව - BLACK FORT'), ලංකාවේ පැරණිතම දෙල් ගස සහිත ' ආකර් ස්ලූට් ' අට්ටාලය, පැරණි ලන්දේසි රෝහල - පසුව කච්චේරිය, දැන් මැණික් වෙළඳසැල් ඇතුළු සාප්පු සංකීර්ණය, ප්‍රදීපාගාරය, තාරකා අට්ටාලයේ පිහිටි ලන්දේසි සිර මැදිරිය / ආයුධ ගබඩාව.
පුරාණ ලන්දේසි රෙපරමාදු දේවස්ථානය, එහි බිම් අතුරා ඇති ලන්දේසි සොහොන් ස්මාරක, ලංකාවේ පැරණිතම පියානෝව, ලංකාවේ පැරණිතම පුස්තකාලය (GALLE LIBRARY), රජ ගෙදර ( QUEEN'S HOUSE), හෙවත් ආණ්ඩුකාර නිළ නිවාසය, සවුත්ලන්ඩ්ස් විදුහල තුළ ඇති මෙතෝදිස්ත දේවස්ථානය, ඉංග්රීසින්ගේ පල්ලිය ( ALL SAINT S CHURCH), ඉංග්‍රීසීන්ගේ පල්ලිය (ALL SAINT'S CHURCH), ලන්දේසි බඩු ගබඩාව ( දැන් සාමුද්‍රික සහ සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරය ඇති), N.O.H.- NEW ORIENTAL HOTEL (දැන් අමන්ගල්ල හෝටලය), ඒ අසළම ඇති NEW ORIENTAL BAKERY - (N.O.B.)., ජාතික පුරාවිද්‍යා කෞතුකාගාරය.
රූමස්සල කන්ද, වැල්ලෙ දේවාලය, JUNGLE BEACH.
ආචාර්ය විජයානන්ද දහනායක, ඇල්බට් ද සිල්වා,විජේකුලතිලක,. ආචාර්ය රිචඩ් පතිරණ යන මහත්වරුන්.
දොස්තර ඩේමියන් කුලරත්න, ඩී.එන්. පෙරේරා, ඩී.ඩී. පෙරේරා, ගිනිගේ, ලද්දුවහෙට්ටි මහත්වරු.
ගාල්ල දිස්ත්‍රික්කයේ තිබූ, දේශීය - විදේශීය සඟරා වලින් පිරුණු හොඳම පුස්තකාලය - අප විද්‍යාලයීය පුස්තකාලය -
THE ALOYSIAN සඟරාව, NATIONAL GEOGRAPHIC, LIFE සඟරා සියලු කලාපයන්,
මෙහි පුවත්පත් මේසය මත ලීයෙන් තැනූ 'තල ගොයෙකු විසින් ගෙම්බෙකු ගිල දමා නැවත වැමෑරීම' සහිත ලී කැටයම. (මෙම පුස්තකාලයෙන් හරය රැගෙන හපය වීසි කරන්න ' යන්න මෙහි අර්ථයයි.).
නේවාසිකාගාරයේ ළමුන්ගේ STUDY HALL එක, අප විද්‍යාලයේ කතෝලික පියතුමන්ලා සහ කතෝලික සිසුන් විසින් විසින් නමදින කුඩා පල්ලිය -CHURCH - එක,
ශාන්ත මරියා ආසන දෙව් මැදුර - CATHEDRAL එක,
රැස්වීම් භූමියේ ඉහළින්ම ඇති, ගල් ගුහාව තුළ ඇති දේව මෑණියන්ගේ පිළිරුව.
(GROTTO එක - මෙය දේව මෑණියන් දර්ශනය වූ ප්‍රංශයේ ලූඩ්ස් වල ගල් ගෙඩි වලින් සාදන ලද ලූර්දු ගුහාවට සහ එවැනි දේව මෑණියන්ගේ පිළිරුව සහිත ගල් වලින් තැනූ ගුහා වලට පමණක් යෙදෙන ලතින් වචනය බව මට කියා දුන්නේ, අප කුඩා කාලයේදී අප විදුහල නියෝජනය කළ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ එමිල් ලියනගේ අයියාය.)
- අසෝක මෙන්ඩිස්.
