උණුසුම් පුවත්

ඕනෑම වාද විවාදයකට මම සූදානම් – සජිත්

සජබ නායකයා ජාජබ යේ හා විවාදයකට ලෑස්ති බව කියයි

මේ මොහොත වන විට රටේ ප්‍රශ්න ගැන විවාදයක් අවශ්‍ය බවට සමාජයේ කතාවක් යන බවත් එවැනි විවාදයක් සිදු විය යුතු බවට තමා පිළිගන්නා බවත් විවාද පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක උසස් ගුණාංගයක් නිසා තමා ඕනෑම විවාදයකට සූදානම් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආර්ථික, සමාජයීය, දේශපාලන, ජාත්‍යන්තර ආදී ඕනෑම ක්ෂේත්‍රයක් ඕනෑම මාතෘකාවක් ගැන වාද විවාද කිරීමට තමා සූදානම් බවත් වාද විවාද කිරීම මෙන්ම ඒ හරහා රටටත් ජනතාවටත් අගයක් එකතු විය යුතු බවත් විපක්ෂයේ සිටින කාලය වාද විවාදවලට පමණක් සීමා නොකර ජනතාවට සේවයක් අගයක් ඉටු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.