උණුසුම් පුවත්විදෙස්

ඕස්ට්‍රේලියාවට ත්‍රස්ත ප්‍රහාරයක් – 12 ක් මරුට

වෙඩික්කරුවකු යැ යි සැක කරන අයකු ද මියැදේ - තවකකු ට අසාධ්‍ය යි

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ බොන්ඩි වෙරළ තීරයේ සිදු වූ සමූහ වෙඩි තැබීමකින් අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු 11 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

වෙඩික්කරුවන්ගෙන් එක් අයෙකු යැයි විශ්වාස කරන එක් පුද්ගලයෙකු මිය ගොස් ඇති අතර, දෙවන වෙඩික්කරු අසාධ්‍ය තත්ත්වයේ පසුවෙයි. වෙඩි තැබීම "ත්‍රස්තවාදී" සිදුවීමක් ලෙස නම් කරන බලධාරීන් පවසන්නේ එය "හනුක්කා මාසයේ පළමු දිනයේ සිඩ්නි හි යුදෙව් ප්‍රජාව ඉලක්ක කර ගැනීමට සැලසුම් කරැති  බවයි.