උණුසුම් පුවත්පරිසරය

කඩුගන්නාවේ නාය යෑමක්. අයකුට දිවි අහිමියි. හතරකට තුවාල යි

ප්‍රධාන මාර්ගය තාවකාලිකව වසා දමයි

කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව ගනේතැන්න හන්දිය අසල සිදු වූ නායයෑමෙන් එක් අයෙකු මියගොස් ඇති බව තහවුරු වී ඇති අතර, තවත් හතර දෙනෙකු රෝහල් ගත කර ඇති අතර, තවත් කිහිප දෙනෙකු තවමත් සිරවී සිටිති. ආරක්ෂක අංශ විසින් ගලවා ගැනීමේ මෙහෙයුම් අරඹා ඇත.

මාර්ගය අයිනේ තිබූ වෙළඳසැලකටත් මාර්ගය අයිනේ නතර කර තිබූ වාහන කිහිපයකටත් අලාභ හානි සිදුව ඇත.

ගනේතැන්න ප්‍රදේශයෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.