උණුසුම් පුවත්කාලීනදේශපාලන

කතානායකට එරෙහිව චමින්ද අභියාචනාධිකරණයට යයි

වගඋත්තරකරුවන් 14 ක්

සාධාරණ පරීක්ෂණයකින් තොරව රාජකාරියෙන් තමා ඉවත් කිරීමට පාර්ලිමේන්තුවේ කථානායකවරයා ඇතුළු පිරිස ගත් තීරණය බල රහිතකර  කරන්නැ යි ද එමෙන් ම තමා එම රාජකාරියේ යළි පිහිටුවන සේ නියෝග කරන්නැ යි ඉල්ලා පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුමාර කුලරත්න මහතා විසින් ඊයේ (18) අභියාචනාධිකරණයේ රීට් පෙත්සමක් ගොනු කරන ලදි.

චමින්ද කුමාර මහතා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණධීර, කතානායක ජගත් වික්‍රමනායක, සභානායක බිමල් රත්නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්ම මහත්මින්ට ඇතුළු පුද්ගලයින් 14 දෙනෙකු වග උත්තරකරුවන් කරමින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.
නීතිඥ එස් ඩබ්ලිව් අමිල කුමාර මහතා  විසින් චමින්ද කුලරත්න වෙනුවෙන් මෙම පෙත්සම ඉදිරිපත් කරනු ලැබිණි.

2023 සැප්තැම්බර් 15 වනදා තමන් එම තනතුරට පත් වූ බවත්, එකී පත්වීම සම්බන්ධයෙන් ගැටලු සහගත තත්වයන් මතු වී ඇති බව කියන කුලරත්න මහතා, ඉකුත් 23 වෙනිදා සිට තමා වැඩ තහනමට ලක් කර ඇති බවත් පෙත්සම්කාර ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද කුමාර කුලරත්න මහතා සිය නීතිඥ අමිල කුමාර මහතා මඟින් අධිකරණයට උක්ත පෙත්සමෙන් දක්වා සිටියි..