ජනාධිපතිවරණය - 2024 සැප්තැම්බර් 21 - අද
ජනාධිපතිවරණයට සිය ඡන්දය ප්‍රකාශ කරන්නට අති බහුතරයක් ඡන්දදායකයින් දැඩි උනන්දුවක්, උවමනාවක් පෙන්වන බව රටේ සිව් කොනෙන් ම ලැබෙන ආරංචිය යි.
අද උදේ පෙරවරු 7. 00 ට ඇරඹුණු ඡන්දය ප්‍රකාශ කිරීමේ කාලය පස්වරු 4. 00 ට නිමා වේ.
රට තුළ පවතින්නේ ඉතා සාමකාමී වාතාවරණයක් බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
මේ අතර කිසියම් ස්ථානයක ඡන්ද දූෂණ, අක්‍රමිතා හෝ වෙනත් හිංසන ක්‍රියාවක් හට ගත්තොත් ඊට නීතිය තදින් ක්‍රියාත්මක කරන්නට ඇවැසි උපදෙස් දී ඇති බව මැතිවරණ කොමිසම පවසයි.