උණුසුම් පුවත්දේශපාලන

කථානායකට එරෙහි විශ්වාස භංගය භාර දෙයි

මන්ත්රී අත්සන් 44 ක්

මාර්ගගත සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් වූ පාර්ලිමේන්තු කාරකසභා අවස්ථාවේ දී එම පනත් කෙටුම්පතේ ඇතැම් වගන්තීන් එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද තීන්දු හා තීරණවලට පටහැනිව සම්මත කර ගන්නා බවට විපක්ෂයේ මන්ත්‍රීවරුන් දැඩි විරෝධයක් ඉදිරිපත් කර සිටිය දී එම විරෝධතා නොසලකා හරිමින් එකී ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු තීරණවලට පටහැනිව ආණ්ඩු පක්ෂයට එම පනත් කෙටුම්පතේ යම් යම් වගන්තීන් සම්මත කරවා ගැනීමට ඉඩ ලබා දීමෙන් නිසා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ විශ්වාසයත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් උල්ලංඝනය කර ඇති බව පවසමින් පසුගිය පෙබරවාරි 26 වැනිදා සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය කතානායකවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන ලදී.විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය විසින් එසේ ගෙන එන ලද විශ්වාසභංග යෝජනාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 44 දෙනකුගේ අත්සන් සහිතව

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා වෙත අද දින බාර දීම සිදු කරන ලදී.

කතානායකවරයා පක්ෂග්‍රාහීව කටයුතු කිරිම, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමුඅමුවේම උල්ලංඝනය කිරීම, කතානායක ධුරයේ ස්වාධිනත්වය හා ගෞරවය කෙළෙසීම, විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සහ අයිතිවාසිකම් කඩ කරමින් සිය වගකීම් පැහැර හැරීම ආදී චෝදනා රැසක් මෙහි අන්තර්ගතය