කාතා වලින් දෙවැනියා, කුම්තේ වලින් තුන්වැනියා
අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් කරාතේ සංගමය නියෝජනය කරමින් ඉකුත් 26 වන දින මැලේසියාවේදී පැවති කරාතේ තරඟාවලියේ දී වයස අවුරුදු 15 න් පහළ කාතා අංශයෙන් දෙවන ස්ථානය හා කුමිතේ අංශයෙන් තුන්වන ස්ථානය හිමි කර ගනිමින් රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට බටපොළ ශ්‍රී කළ්‍යාණතිස්ස විද්‍යාලයේ නවවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඒ.පී.එන්.එස්.අමාෂා වාස් ගුණවර්ධන සිසුවිය සමත් වුවාය.
හත් වන වසරේ සිට කරාතේ ක්‍රීඩාවට යොමු වී ඇති ඇය 2023 වසරේ පැවති සමස්ථ ලංකා පාසල් කරාතේ ශූරතාවය හිමිකර ගැනීමෙන් අනතුරුව මෙම තරඟාවලිය ට සහභාගි වීමට සුදුසුකම් ලැබුවාය.
- ලාල් ගොඩගේ -
