සුරකිමු සොබාදම්
නීල අහස කිති කවමින් වලාකුළක් පාවෙනවා....
රැලි පිට රැලි තෙරපි තෙරපි සුදු වැලි තල සිප ගන්නවා...
වැල්ලේ තැබූ පා සලකුණු නොසිතුව ලෙස මැකී යනවා....
අහස පොළොව එක් වෙනවා
රෑ හීනෙන් මට පෙනෙනවා...
සීතල වැහි වැස ඒ දිය බොරවී
පෝෂණේ කෙරුවත් ගෙවතු වගා...
සුදු පෙණ නගමින්...
ලුණු රස දැනෙමින්....
දකින දසුන සිත් ගනී හොරා...
සතර වර්ගයෙම නෑදෑ පරපුර...
අත හිතදී ...
සවි කළත් දෙපා...
දෙපයින් සිටගත් පසු නමදිනවද ...
ඒ හැම දෙන සිත් මලින් පුදා...
- ඇන්ජලා පැල්පොළ -
2024. 02. 22.