උණුසුම් පුවත්කව් මිණි වැල්සාහිත්‍යය හා කලාව

කව් මිණි වැල්

අතීතෙට පියඹමී

වැහි අඳුරු මන්දාරමේ

උණුසුම  සැදුණු ගෙපැලක

තුඩින් තුඩ බත් පිඬු තැබූ

සොඳුරු බර එක් හවසක

රැහැයි සත්සර  හඬ කැවූ

සිහිල් පවනේ පහසක

එතී සිටියා ස්නේහෙන්

කුරුලු තටුවෙ සෙවනක

මියුරු නැලවිලි ගීයක

මිහිරි කිචි බිචි රාවෙක

උතුරන්න ආදරේ තිබුණා

පහසෙ සෝයුරු දෑතක

මතක පොත ගෙන පෙරළමී

අතීතෙට වහ ඉගිලෙමී

ආදරේ උණුසුමෙ එතී

සීත හදටත් පණ දෙමී

 - නිලන්ති ප්‍රනාන්දු - 

2024/2/23

උන් රජ වෙනතුරු බලා හිඳීන....

අරුණ කුමාරිය හැඩ වැඩ දාලා

ගුවනේ රටා මවලා...

රටා සළුව ගෙන  එක්ගල් ඔය වැව

කදිමට සැරසීලා...

දෙමව්පියන් තම දරුවන් හැම දෙන

සිහසුනේ හිඳුවාලා...

උන් රජ වෙනවා බලා සිටිනවා

මහ ගෙයි වැතිරිලා...

- ඇන්ජලා පැල්පොළ - 

2024. 02. 23.