පටන් ගත්තා ඔන්න ටික... ටික....
පටන් ගත්තා.. ටික ටික කක්කුටු හිල් හැදෙන්න ඊට පස්සෙ ඒවා සිමෙන්ති දාලත් වහන්න බැරි.. මහ හුඹස් වුණා
නයි රිංගුවා පොළොංගු බිත්තර දැම්මා පොළොං බිත්තර වලික් නයි පැටව් එළියට ආවා..
එයැයි කිව්වා උසාවියේදි මෙයාට ඔිනි මානසික ප්‍රතිකාර නැතිව දික්කසාදයක් නෙවි
මළ මිනියෙක් එක්ක නිදිවදින්න මට නික්රෝෆීලාවද මං ඇහුවා... සුසුදු කන් යාව කළු පටිය පාත් කරල
මට ඇහැක් ගැහුව දවස් පන්දහස් තුන්සිය විසි එකක් නිදි වැදුණු මිනිහට.. මළ මිනියක් කීම ගැන උසාවිය තෝන්තුවෙන්.. පරමාදර්ශී ආදරයන්... පිස්සු හැදෙන තරමට පිස්සු වාට්ටුවෙ තිබුණා උන් හිටියෙ මත් වෙලා.. ආදරයෙන්.පිරිලා. කක්කුටු හිල් නැතිවම ඇස් පිල්ලමකට පවා උන් ආදරය කරා. අනිකාගේ තරහට පවා උන් ආදරය කරා.
මට පිස්සු හැදුනම එයාට සනීප වුණා
මෙඩූෂා ආරියරත්න - 2024. 03.08.
අප්පච්චි
භවය පුරා සැරිසරලා සොයා ගත්ත අප්පච්චි... එඩිය අරන් රට රැකුමට පෙරට ගියා අප්පච්චි... සවිය ඔබයි දූ කුමරිගේ මගේ රන් කඳ අප්පච්චි... සසර පුරා ඔබ මගෙමයි මා රකිනා අප්පච්චි..