බුදු ගුණ අලංකාරය - නමවු මුනි සරණ
- 388 -
සක කුලඹර ළසඳ
එ යසෝදරා නම් ළඳ
පින් සිරි පිරි නොමඳ
පවර රාහුල කුමරු ලත් සඳ
පදගතාර්ථය - සක කුල --- ශාක්‍ය වංශය නමැති , අඹර --- ආකාශයට , ළසඳ --- අලුත් හඳක් බඳු වූ , එ යසෝදරා නම් ළඳ --- එ යසෝදරා නමැති කා්තාව , නොමඳ --- මහත් වූ , පින් සිරි --- පුණ්‍ය ශ්‍රියෙන් , පිරි --- පූර්ණ වූ , පවර --- උතුම් වූ , රාහුල කුමරැ --- රාහුල නම් කුමාරයා , ලත් සඳ --- ලැබූ කල්හි,
භාවය - ශාක්‍ය වංශය නමැති ආකාශයට නව චන්දයි බඳු වූ ඒ යසෝදරා නම් ළඳ මහත් වූ පුණ්‍ය ශ්‍රයෙන් යුත් උතුම් වූ රාහුල කුමරු ලැබු කල්හි --
- 390 --
ඉසොරා මැඳුරතට
දිගු කළ පපයැද එම විට
සන් මැතිඳු පහු කොට
නැඟී කන්තක මඟුලු අසු පිට
පදගතාර්ථය -- ඉසොරා --- යසෝධරා දේවිය ගේ , මැඳුරතට --- මන්දිරය ඇතුළතට , දිගු කළ පය --- දික් කළ පාදය , ඇද --- නැවත ඇද ගෙන , එම විට --- වහා , සන් මැතිඳු පසු කොට --- චන්න ඇමති පසු කරමින් , කන්තක --- කන්තක නම් , මඟුල් අසු පිට නැඟි --- මංගල අශ්වයා පිට නැඟී -
භාවය -- යසෝදරා දේවිය ගේ මන්දිරයට යාමට එසවූ පය ඇද ගෙන වහා ඡන්න ඇමති පසු කොට කන්තක නම් අශ්වයා පිට නැඟී -
- 389 -
දැක සිු පෙර නිමිති
ඇර රජ සැපත සිත රුති
ලබන මතු සක්විති
සැපත් නො තකා සිතින් නො නැවති
පදගතාර්ථය - සිවු පෙර නිමිති --- පෙර නිමිති සතර , දැක --- දර්ශනය කොට , රජ සැපත --- රජ සැප ගැන , සිත රුති --- සිතෙහි ආශාව , ඇර --- පහ කොට , මතු ලබන --- මත්තෙහි ලබන්නා වූ , සක්විති සැපත් --- චක්‍රවර්ති සැප පවා , සිතින් නො තකා --- චිත්තයෙන් නො සලකා , නො නැවති --- නැවතීමක් නැති ව -
භාවය -- සතර පෙර නිමිති දැක, රජ සැප කෙරෙහි ආශාව හැර දමා මතු ලබන්නා වූ සක්විති සැප ගැන පවා නො සලකා එයිනුත් නො නැවතී -