රට හැම තැන බෝසත්වරු
දවසින් දවස නොදැනිම ගෙවිලා යනවා
මනසින් අපේ දැනුවත් බව වැඩි වෙනවා
පෙනුමින් තිබෙන සිරුරේ රුව වැහැරෙනවා
කෙලෙසින් හෝ දිනෙක මරණෙට පත් වෙනවා
දහමට අගරු කරමින් ලොව පතුරනවා
රට හැමතැනම බෝසත්වරු උපදිනවා
මහජනතාව හොල්මන් වී හැසිරෙනවා
බඩුමිල උඩු ගුවන් තලයේ පාවෙනවා
- මධුෂිකා - 2024. 01. 25.