උණුසුම් පුවත්කව් මිණි වැල්සාහිත්‍යය හා කලාව

කව් මිණි වැල්

දහසක් පැතුම් පොදි බැඳගෙන හද මැදුරේ...

 සහසක් සිහින වැල් ගෙතුවා වැලිකතරේ...

පහසක් ලබන විට සැඟවී මුතු සයුරේ...

 අහසක් තරම් සෙනෙහස දෙනවා සොඳුරේ...

 

පරවී ගියේ යළි කිසිදා නොඑන්නයි...

 හැම වැලි කැටකම ඇත්තේ ඔබේ සුවඳයි...

හුදකලාවේ තැනිතලාවේ ප්‍රේම ගීතය ගය ගයා...

මංමුලාවී සැරිසරන්නේ මගේ මැණිකේ සොයා...

 

කෙවිලි නැතුවට

ගිරා මයිනන් ගයයි

හදවතේ රඟ දිදී...

          කැවිලි කවමින්

          රැගුම් පෑවේ

          සෙනෙහෙ ගඟුලේ

          සුව රැදී...

           සුරලි හැඟුමන්

          මියුරු රැඟුමන්

          වෙලේ මා ගත සුවඳ දී...

           කොමලි මගෙ පණ

           පුදමි ඔබ හට

           හදේ උතුරන ගී පොදි.

             - ඇන්ජලා පැල්පොළ - 

ගෙවා දුර සසරේ

ගෙවා ආ දුර සසරේ

පෙනේ මේ දිවි කතරේ

සැප දුකද අතරේ

දිවි ගෙවි යයි මිහිරේ

 

දහම දිවියට හුරුවිට

වඩයි ගුනදම් සැමවි

සිත් සතුටු කරනට

මිනිස්කම ගෙන දෝතට

කතා බහ ගරුසරු

නොමවේ බස නිසරු

මිනිස් සිත නිරතුරු

සිනහා ගෙනඑයි පිවිතුරු      

   - මධුෂිකා -