සෙනේ ගඟුලෙක...
කෙවිලි නැතුවට
ගිරා මයිනන්
ගයයි හදවතේ
රඟ දිදී...
කැවිලි කවමින්
රැගුම් පෑවේ
සෙනෙහෙ ගඟුලේ
සුව රැදී...
සුරලි හැඟුමන්
මියුරු රැඟුමන්
වෙලේ මා ගත සුවඳ දී...
කොමලි මගෙ පණ
පුදමි ඔබ හට
හදේ උතුරන
ගී පොදි...
- ඇන්ජලා පැල්පොළ -
සඳ රැස් යට
කළුවර කුර ගගා
එනවිට ගෙපළ ළඟ
ගොළු වී ඇත
මෙතෙක් පැතිරුණු
විහඟ නද
සද රැස් වැටී
නැහැවෙන විට
අවට සොද
තනිකම තුරුලු
කර නිදි සුව
විඳිමු අද