උණුසුම් පුවත්කව් මිණි වැල්

කව් මිණි වැල්

අභිසාරිකාව - ඩෝල්ටන් අල්විස් කිවිඳුන්ගේ පබැඳුමකි මේ

වතුර පොදක්වත් නැතුවට කම් නැහැ  -  උඹගේ කුසගිනි කළගෙඩියේ                           

  සැන්දෑවේ හිරු නිදනා මැදුරේ

  දොරටුව ළඟ කළු ගල් පඩියේ

       උඹට නිදන්නට අවසර නොමැතියි

      කියනා විලසින් සිත දැඩියේ

      රේල් බෝක්කුව යටන් දුවනවා

      පිඹනෙ දුම්රිය කඩිමුඩියේ

සායම සේදුණු සාරියකින්

රුව ඇති නුඹෙ යව්වන කය ඔතලා

කඩ වීදිය ළඟ පහන් කණුව යට

දෙවියෙක් වැඩ සිටිතියි කියලා

සුවඳ හිඳී ගියසරාගි හසරැල් පාරට

දැමුවත් වැලි ගෙතලා

සලේ බඹරු තඹ සතයක් දෙනවද

කිසිදා නොම දුටු මල නොතළා

දයසින් දීලා කන බොන මිනිසුන්

සුර සැප විඳිනා රජ දහනේ

කුසට බතක් නැති කෙනෙකුට

විසි කළ ඉඳුල් ටිකත් අපමණ රහනේ

තවුසා අසපුවෙ රජුගේ දේවිය

නිදන වෙලාවෙදි සිරි යහනේ

උඹට ලියමි කවි බැණුම් අසාගෙන

මගේ පැලේ තෙල් නැති පහනේ

වැසි වට දවසේ කඩ පිළ අගුවේ

සාරි පොටින් දෙවුරම පොරවා

කුසගිනි බැල්මෙන් බලා සිටිනු දැක

පහන් කණුව දෙස නෙත රඳවා

චහසක් විදුලිය කඩු ලෙළ දෙවි යයි

පොළොවෙ අඳුර දුක බිය කරවා

උඹට නොවෙයි වෙන කාට ද රවනව

ආකාසය හයියෙන් ගොරවා 

යහන තළා සැප විඳිනා මොහොතේ

යහන් ගැබේ පුන් සඳ මුදුනේ

අහක බලාගෙන පාන හිනා වෙනු

නුඹ දුටුවේ නැත නොවැ ළඳුනේ?

සීතල කරුණා සුවය කොයින්දෝ

දිළිඳු කමේ මහා ගිනි උදුනේ

උඹගේ වැරහැලි එහිම දවාපන්

ඉන්පසු ගත හිත පිරිසිදුණේ

  - ඩෝල්ටන් අල්විස් -

පෑරුණු හදක රිදුම

  සිරි යහනේ නැවුම් පැතුම් රහසේ මවනා... - අඩ අඳුරේ නෙත් මානේ ඉඟි බිඟි කරනා...           

සිත් පහනේ හදවත තුළ සිත්තම් මවනා...

සුව පහසේ දූ කුමරිය වැජඹෙන සොදිනා...

ඉරයි සඳයි රටා මවා

ගුවන් ගැබට ගෙනදෙයි සිත්තම...

ගස් වැල් සැම ඵලදරලා

පරිසරයට මවනා වත්කම...

මුතු පර දිය යට සඟවා

සිඳු කොමලිය  රඟදෙන අන්දම...

අමිල සතුට ලබලා දෙන

මිල අධිකම දියමන්තිය

පුතුනේ දෙන්නම...

සහසක් පැතුමන් සිරස දරාගෙන

මෙලොව එළිය දැකලා...

දහසක් ආශා ඉටු කරගන්නට

වෙර වීරිය දරලා...

මනසක් බිදිලා හැපි හැපි

කැලඹෙයි මතකය සිහි කරලා...

අහසක් තරමට  පාරයි හදවත

යලි ඔච්චම් කරලා...

දියණිය මගේ ඔබ කිරුලයි මගේ සිරසේ...

පතිකුලයට ගියේ සතොසින් ඔබ පැතුසේ...

රන් කැටියා මට මැණිකකි අද දවසේ...

හද ගැහෙනවා රැක ගැනුමට ඔබ පණසේ...

  - ඇන්ජලා පැල්පොළ -