උණුසුම් පුවත්කව් මිණි වැල්

කව් මිණි වැල්

එමල නෙලා

අසිරිමත් අරණෙක

කටු අකුල් පීරා යෙමින්                       

පිපුණු රෝස පැහැ එමල                                                හිනැහෙන හැටි බලා

ඒත්

එමල ද අන් හැම මලක් සේ මා

පරවී හැලෙනවා බිමට

හිත කියනවා මොර දිදී

තරණය කළ යුතු යැ

බරසාර තුරු ලිය අස්සෙන්

නෙලා ගෙන හැකි නම්

පුදනට මුනි සමිඳුනට

එගොඩ වෙන්නට

ඝෝර සසරින් මේ

-  සුමැ  -

සිහින පෙම්වත

නුවර තෙවා හඩ අසන්නට                                                   

බිගු ගීත ස්වර තත් වයන්නට

ඇවිත් මා අසලින් හිදින්නට

එනවාද සිහිනයෙ පෙම්වත

වීදි දිග හිත් පුරා නෙක නෙක

කෝල කම් කරමින් සරන්නට

කිරිල්ලිය වී ඔබේ තුරැලේ

නිදහසේ පියාඹන්න අවැසිය

තාම නොගියෙමි නුවර වැව වෙත

ඔබත් කැටුවම යා යුතුව ඇත

ලොවෙන් සැගවු රහස් සේරම

ගිරවියක මෙන් කිවිය යුතුමය

උරහිසේ හිස තියා සනසා

බදුණු තැන් පිළියම් කරන්නට

අතැර ගොස් ලොව හැඩි කරපු අය

ගිය එකම හොද යැයි සිතෙන්නට....

-  මධුෂිකා  -

හොයමි මම්

 

තුරුලු වෙලා  මියුරු වදන් කෝල බසින් පවසාපු...

තොල් පෙතිවල උණුසුම් පැන් නළලත මත තවරාපු...

දෑගිලි බැඳ විල්ලුද මැද  සුදු ඇඳුමින් සරසාපූ...

සුදු මැණිකේ හොයනවා මං උණුසුම ඔබෙ හංගාපු...

               ⋆   ⋆   ⋆   ⋆   ⋆

දිවා රැයේ වෙහෙස වෙලා තම දරුවන් රකිනා...

මව්පියවරු ඇත මේ ලොව හරි අගනා...

අලසකමින් රැකියාවක් නොමකරනා...

ඇත්තෝ උඩ බලති  අහසට දෙස්‌ දෙමිනා...

             ⋆   ⋆   ⋆   ⋆   ⋆

දෙවිවරු වගේ ගුරු මවුපියෝ ලැබ ගන්න...

හැකිවේවා ලෝ සැම දෙන සනසන්න...

බිහිවේවා දරු පැටවුන් මිණි කැට මෙන් දිලිසෙන්න...

පැතුම් පතමු සැම දන මන පැහැදෙන්න...

 -  ඇන්ජලා පැල්පොළ  -