අත්හැරෙනවා දෝ
අත්හැරෙන බව දැනෙන හින්දද
මේ තරම් හිත රිදෙන්නේ
හිත රිදෙන හින්දමද මන්දා
නුඹත් අඩපාලි කියන්නේ
එක්ව ආ ගිය මං පෙතේ තව
රොබරෝසි මල් පිපෙන්නේ
නෙළා ගනු බෑ නුඹත් ලඟ නෑ
මල් ඔහේ බිම වැටෙන්නේ ...
අඳුරු අහසක් සදිසි හදවත
මුවා කර හස නඟන්නේ
කලා සපිරැණු පුරා සඳවත
ඇවිත් තනිකම මකන්නේ
පුරපසට අවපසට එන යන
සඳට නෑ ලොබ කරන්නේ
නිවි නිවී ඈතින් හිනාවෙන
තරුවට ම හිත බැඳෙන්නෙ...
සෙනේ ඉකිබිඳ හඬන කවියක
අරුත නුඹ කිම නොදන්නේ
රිදෙන මතකය තබා පපුතුර
නිසොල්මන් වී හිඳින්නේ
මිලින පැතුමක සුවඳ වී නුඹ
සදාකල් තනි රකින්නේ
අපට නැතිවත් කාට හෝ තව
රොබරෝසි මල් පිපෙන්නේ..
- මධුෂිකා -
මන්දාරම වසාගෙන
හිමියෙනි එනු මැන....
වැහි මන්දාරම් අහස වසාගෙන
ගොම්මන් කළුවර ගලා හැළෙන සඳ
කොළඹ කෝච්චිය ආපහු දිව්වා
හිමියනි ඇයි ඔබ තව නාවේ.
කුලී කාමරේ පොඩි පුතු සමඟින්
දහසක් සිතිවිලි අතරේ සිරවී
ගැලූ කඳුළු නෙත් අග වියැලෙනවා
ඔබේ සෙනෙහෙ දිය ලැබෙන තුරා
ඊයේ රෑ දුටු නපුරු සිහිනයෙන්
හදවත කකියයි නිරන්තරේ
ඔබේ සෙනෙහෙබර එක වදනක්වත්
දෙසවන වෙත යොමු කරන්නකෝ
- සුදර්ශනී අමුගොඩ -
කාල කටු මගියා

අත දිග මදිවූ

- ඇන්ජලා පැල්පොළ -