අපේක්ෂාව
සිවුමැලි ලෙසට පෙති විදහා සිටින්නේ
වර්ණ රටා ගෙත්තම් කර තිබෙන්නේ
මලේ රේණු නෙතඟට සිරි ගෙනෙන්නේ
හමනා සුවඳ මේ හැමට ම වැඩියිනේ
වැටි වැටි නැගිටමින් කරනා දඟකාර
තුරුණු වියට පැමිණෙන විට හැඩකාර
උගතකු වෙවෙ පෙනුනත් ලොකු වැඩකාර
දිනු දැය රැකගන්න මා පුත අතනෑර
- ඇන්ජලා පැල්පොළ - 2024. 01. 28.
සතර කතර ගමන
තැන තැන තිබේ අංකුර දස අත පැතිර
සෙනෙහස අඩු නොවේ ඒ කිසිවකු අතර
පින පව අනුව දුක සැප ගෙන දෙයි නිතර
යන මේ ගමන කවදා වේවි ද නතර
යටගිය කල පිනට ඉපදුන මේ සසර
සැපය කිය දුකම ය ආවේ නිතර
මැරි මැරි නැවත උපදිනවා වරින් වර
යන මේ ගමන කවද ද නොදනිමි නතර
- මධුෂීකා - 2024. 01. 28.