ජීවිතේ හරි බරයි

නෙතක් කඳුළෙන් පිරී ඉතිරෙයි
අම්මා ගහගෙන ගිහින්නේ...
මතක් වෙනකොට පපුව දනවා
ජීවිතේ හරි බරයිනේ...
කරක් දියඹේ ගිලී යනවා
ගොඩ බිමක් නැහැ පෙනෙන්නේ...
මලක් වාගේ තුරුළු කරගෙන
පුතේ කෙම් බිම් සොයන්නේ...
රණ්ඩු කර කර හැංගි මුත්තන්
කරපු පොඩි කාලේ...
ගැනලා දහයට එදා හෙව්වේ
ගෙදොර මුලු ගානේ...
එදා වාගෙම අදත් හොයනවා
ගලන මඩ පාරේ...
යොමා දිවනෙත් පහදා දෙනු
මැන රුදුරු සංසාරේ...

ළතෙත් ?!
ළතෙත් හිත් පසක් දැක
හැදෙතියි සිතා පැළයක්
කාටත් රහසින් ළංව
සිටවූයෙමි පෙම් බීජයක්
සෙනෙහස නිති වත් කොට
රැකවල් කළෙමි කාලයක්
දලු ලන සෙයක් නොදැක
විපරම් කළෙමි මම මඳක්
ළතෙත් පස යටින් තිබුණේ
වැසුණු මහ කලු ගලක්
ඉතින් වැරදුණේ මටමය
ගලක් මත වැවේද බීජයක්

