උණුසුම් පුවත්කව් මිණි වැල්කාලීනසාහිත්‍යය හා කලාව

කව් මිණි වැල්

වැසී ඇති දොර පියන්

 

කඳුවළල්ල පීරාගෙන

උදේ පාන්දර නැඟ එන

ළා හිරු රැස් මඬල ඔබයි

අපේ අප්පච්චි

 

උදේ පටන් ගත වෙහෙසා  

ලෝ සත හට සෙත සලසා

මැදියම අහසේ දිදුළන  

දිනිදු ඔබයි අපේ අප්පච්චි

 

දිවා කාලයේ මැරි මැරී

රන් දහදිය මුඟුරු හෙළා

අවරගිරේ

රිවි කිරණත්...

ඔබ අප්පච්චි..

ඇන්ජලා පැල්පොළ - 
  •   ••• ••• •••

 

 

 

 

වැසුණු දොර

 

 

ඇරි  තිබු  දොරපියන්  වැසි ඇති  විටක

බලා  ඉනු කිමද තව  හැරී  යනු  මිසක

කඳුළු  වෙනුවට සිනහ කැඳවා

අනුන්ගේ හිත් සැනස්සු.....

ඉද  හිටලා හරි මුණ ගැහෙනවා

තවම හිතහොද  මිනිස්සු

         රොක්ෂි ෂයින්

 

ඇහැළේ පොළ කුමාරිහාමි වලප

 

මධු සමය නිමා කොට

නිමා කොට මධු සමය

හමා ගිය වැස්ස

වැස්ස වෙලා ගත් සුළඟ

මහ පොළොව සයනයව

නිමා කොට මධු සමය

චප කොට ඇඳ ඇතිරිලි සෙමින් ඇවිද යමින්

මාවත සිප ගත්

රූස්ස ගස් අතරින්

නොදන්වා නිවාඩු ගිය

හිරු!

හෙමින් වාර්තා කර

යළිත් සේවය ට.

ලෝකයේ හැටි එහෙමයි

සංසාරේ හැටි තමයි

    චම්මින්ද වෙලගෙදර

 

 

 

 

•••  •• ••• •••

ඇහැළේපොළ කුමාරිහාමි..

(විලාපය)1814, මැයි 14..

සද නොමරා නුඹට පෙම් බැදි

පළිඟු කැට නිල් දෙනෙත් මුතු වැනි

මාත් අතර මං වුණු රැයක් මට ඇති

දරුවෝ නිදි නැති මාද නිදි නැති

සිහින ලොව මා පියවි නෙතු තෙමු

ඇකය උදුරා දෙනෙත් අඳ වුණු

කුසට පිරවුණු ලෙයම පත්තිරු

ඇයිද හිමියණි මෙවන් අවනඩු

වහල් කරුවන් විදිණු බිහිසුණු

සිනිදු සේලය ඉරා රජවුණු

පතිනි මව්වරු මටත් දොරවැසු

හැඬූ කඳුළට දියේ ගිල්වුණු

     ශ්‍යාමලී ගමගේ