මධුෂිකා ගේ කවි
ප්‍රේමය නම්....
ජීවිතේ එක් රිදුන තැනක
ප්‍රේමයේ සංචාරය අතර තුර
හද නිවන එක හැඟීමකටම
ප්‍රේමය යැයි කියමි
දහසක් නෙතු අතර
එකම දෑසක නතරව
සිහිනෙනුත් සිත පිරිමදින
ප්‍රේමයකි හැගුමන් පුබුදන
දිවියේ නීරස හැඟුම් අතර
වදනින් හිත නිවන
ප්‍රේමනීය තප්පර වල
නැවතීම ප්‍රේමයයි හද රදන
අල්ලාගත් දෑත මග නොහැර
මිය යන තුරා අත්වැල් පටලා
එක්ව යන ගමනක රුකුල
ප්‍රේමයමයි හද සොයන....
කතර මග
බියකරු සසර අපි යන මේ කතර මග
කුසලුත් කළ යුතුය නැති නම් අතර මඟ
පෙන්වා දෙමින් මිතුරන්ට ද භවයෙ රඟ
ලංකර ගනිමු නිවනට යන පහසු මඟ
සුබ සිහින
ලියනා අකුරු සිහි කරවයි සුබ සිහින
මවමින් සිතන්නට දිරි දෙයි සැම දිනම
කවි පද වලින් ගෙන එමි හදවතෙ පැතුම
ගෙන ගිය හැකිය දවසේ මෙහෙවර තුටින