දියෙහි ගොඩෙහි ගුවනේ වෙනසක් නොපෙනේ...
මනසින් බලන විට රූ සිරි හැඟුම් දැනේ...
ඉදි වැට දමා වෙන් කෙරුමට හැකිද අනේ...
දියගොඩ දෙකම අප සැමගේ උරුමේ වුණේ...
මව්බිම මෙයයි අප සැම මෙහි සොයුරු කැළයි...
උස්මිටි කම් නිතරම සිත් අවුල් කරයි...
කුල මල ජාති අපේ හදවත් තලයි පෙළයි
බැඳගමු දෙඅත් අප හැම ලක් මවගේ ළමයි...
- ඇන්ජලා පැල්පොළ
රෑ වැඩ මුරය අවසන් කර යන අයුරු...
ගුවන් යානයක් වාගේ පෙනුනලු මිතුරු...
ඊතල හිසක හැඩ ගෙන දුන්නේ
ඔබගෙන් ගන්න පාඩම් ඇති අපූරූ...
මග සලකුණු යොදා ගෙන යා යුතු අයුරු
දැනුවත් කර ඇත සොයුරේ ...
ජීවිත නොතකමින් තරගෙට යන අතරේ...
නොදියුණු මනස ගැන දුක හිතුණා මිතුරේ...