උණුසුම් පුවත්කාලීනසාහිත්‍යය හා කලාව

කවිකාරයකු ගේ නවතම පබැඳුම

සමාජයේ දිළිඳුකම ඔහුගේ කවිය පොහොසත් කරවන උල්පත බවට පත්ව තිබේ. ඉදින් කාශ්‍යප  එය කණින්නට පටන් ගෙනය. - චූලානන්ද සමරනායක

සබ්බං පහාය ගමනීයං
(කාව්‍ය සංග්‍රහය)
කාශ්‍යප සත්‍යප්‍රිය ද සිල්වා

මිල - රුපියල් 500. 00

කර්තෘ ප්‍රකාශනයකි.

ප්‍රතිභා පූර්ණ කිවිවරයකු වන කාශ්‍යප සත්‍යප්‍රිය ද සිල්වා ගේ නවතම පද්‍ය සංග්‍රහයයි මේ. ඔහු මේ කෘතිය සරසන පැදිවැල් අතර ඇති එක් කවකි හේ අතරමං වූ 'මිතුරාට' නමින් ගොතා ඇති කවි වැල.

අතරමං වූ මිතුරාට

දුරක වුවත් කොළඹට මහ දුරක් නොවේ

හදක සෙනේ ඇති විට ගත ගිලන් නොවේ

කළු ම රැයක තනිවම හිද නොදත් බිමේ

මිතුරු කුරුල්ලෝ ඔබ සුවයෙන් ද උදේ

 

කදුළු කරදර ම උර පටවා නිතින

ඇවිද ගියේ නොමදත් බිම් වල නිතර

කුසට අහර ගැන නොතැවී දැන දැන ම

බුදින ඇල් දිය ම ඔසු වෙන්නැති නුඹ ට

 

හිතේ හයිය ගෙන බැදුණත් ගේ බිත්තී

තවම හිසට සෙවණ ය බැදි පෙම ඇත්තී

මෙහෙම ගමන් විත් රෑ කළුවර එද්දී

තවම නුඹේ හද ළග ම ද ඒ ඇත්තී

 

යාළු නුඹේ හිත සවි බල තවම ඇතී

මාළු නැතුව බත් ගුළි වුව කන්ට හැකී

ජාම බේරුණොත් එය හොදටෝම ඇතී

තාම මග ද , මගෙ දොර හැර තබනු හැකී

 **********

   කාශ්‍යප ගේ නිර්මාණ කෙබඳුදැයි සම්මානනීය පරිවර්තකවරයකු සේ නම්දරා සිටින චූලානන්ද සමරනායකයන් සපයා ඇති පසුවදනෙන් කියවා බලන්න. 

ශ්‍යප සත්‍යප්‍රිය  සිය කවි සැරිය අරඹනුයේ ලංකාවේ තරුණ පරපුරට ජීවිතය සහ මරණය අතර වූ දුර බෙහෙවින් සිහින්ව ගිය සමයකය. අසූව දශකය මධ්‍ය යේ පටන් අනූව අනූඑක දක්වා රටේ තරුණ ජීවිත සහ ටයරය එක හා බැඳුණු මාතෘකා දෙකක්ව පැවති අවධියෙහි ඔහු සිය කවිය විකසිත කරන්නට පටන් ගත්තේය. ඉන්පසුව අපට හමුවනුයේ ඔහුගේ නිහඩ සමයයි. දැන් යළිත් කාශ්‍යප  නම් කවියා වේගයෙන් වැඩ කරන්නට පටන් ගෙන ඇති සැටියකි.

ඔහු සිය කවි සැරියේ දෙවන අදියරෙහි පෙරට වඩා වේගවත් එහෙත් ඒ වේගය විසින් බිඳ නොහෙළමින් වර්ධනය වන කවි මගක් තනමින් සිටියි. ඔහුට සිය කවියට ඇවැසි පොහොර සපයන්නට අප සමාජය බෙහෙවින් පොහොසත්ය. සමාජයේ දිළිඳුකම ඔහුගේ කවිය පොහොසත් කරවන උල්පත බවට පත්ව තිබේ. ඉදින් කාශ්‍යප  එය කණින්නට පටන් ගෙනය. ඒ සමගම මට අපේ අසූව දශකයේ ගමන් සගයෙකුගේ පියවර යළි හෙමිහිට ඇසෙයි.

චූලානන්ද සමරනායක

ස්තුති පත්‍රය

මගේ කවි කියවන සැමට

මේ කෘතියේ පිට කවරය නිමැවූ

පසන් සමරනායක පුතුට,

මුද්‍රණය කර දුන් නියෝ ග්‍රැෆික්ස් පුද්ගලික සමාගමට

මගේ කවි ගැන හොද නරක කියන

සැමට

දුක් දෙන

සැමට

හැරයන

සැමට

ස්තුතියි.