විවර කළ නෙතු පියන්
අඩ නින්දේ විවර කළ ..
නෙතු පියන්..
සුළගට කාන්දු වි ..
මියුරු තත් අතරින්..
පිබිදුණු මල් සුවදකි..
නුඹ මට..
මටම පිපුණු රතු රෝස ..
කුසුම..
විඳවන්න නොව..
විඳින්න පිපුණු පෙති පිරුණු ..
බඹර තුඩ..
දිගු නිහැඩියාවක..
දෙනෙත් කෙවෙනි..
රතුකළ සුදුම සුදු..
කුමුදු මල..

වරක් නොව දෙවරක්..
ලය පිබිදුණු ..
සිත කළඹන..
රතු දෙතොල්..
යාතිකා මඩුවේ..
පිපි කුසුම..
පර නොවන..
දුලඹ මල් අතරින්..
පිපියන්..
හැමදා මගේ..
ළඟ ..
-
💚💚 💚
සිටී නම් අසනු මැන
කිරි බිංදු ගලු වුණේ
පපු කුහරෙ වේළිලා
පවන් රල් ඇබින්දක්
දෙනු මැනවි දෙවියනේ
සුදහ ගිනි ඇවිලෙනා
පවස දිය උගුලනා
මිහි තලයෙ නැත සරණ
දෙවියනේ බලනු මැන
නොපෙනෙනා දෙවියනේ
යදින අප වරද නැත
විලාප දුන් විසල් රුක්
බිම දැමුවෙ අප නොවේ
වන්දියක් ගෙවන්නට
බැරිය අප අසරණය
උරණ නොම වී අපට
අසනු මැන දෙවියනේ
බොල් පොළොව දෙදරවා
පැන් බිඳක් ලැබේ නම්
මිහි මවට ඇල්ම ඇති
පිං කඳක් දෙවියනේ !

💚💚💚💚💚 💚💚💚💚💚 - මතකයි තාමත්
අතක එල්ලි දෙපා පොඩි හැඩ වැඩට තිය තිය ගියා මතකයි...
ශතක ගණනක පැරණි පොත පත ඉගෙන ගත්තා එයත් මතකයි ...
හිතක ඇති වුණු කෝල සිතුවම් එකින් එක නෙතු අගින් දිස්වෙයි...
මතක අමතක කරන්නේ නැහැ කෙලෙහිගුණ කඳ අපට උරුමයි...
සිහිල් සුළං රැළි අතරේ මුවා කොට...
මුසුවූ සුවඳ හද මැදුරෙන් ඈත් කොට...
දහසක් වදන් හිත පතුලේ
නිධන් කොට...
දෙනෙත් පියා ගත්තා ඇස් පනාපිට...
