පමා නොවී යනු මැන
කරුවල අහස මත සඳ මල නැතුවාම
තරු මුතු වැලක නෙතු පැටලෙයි හැම දාම
වරුවක සඳත් ගිනි අරගෙන දැවුනාම
හිරු මට එපා තරු ඇති මට හැම රෑම…
දවා දසත ලසොවින් රැස් හෙළා ගිනී
පවා මල් පියලි විසිරෙන පමාවෙනී
අවාරෙක හිරු ඇවිත්, සඳ තරු වියෝවෙනී
නිවා එළිය මම අඳුරේ ස්වාමිනී..
සඳත් කඳුළු වගුරන පිනි විලස වැටී
අදත් බිම තෙමයි ඒ මගෙ මතක කැටී
හිතත් කුමට ඔබෙ සිතුවිලි සමඟ ගැටී
සිතත් දරා ගත්තා දුක් විඳින හැටී….
අමා වකට එළියයි තරුවක සරැළී
දමා යන්න බැරි මතකය ඇත පැටලී
සමා කුමට මුදවා ගත්තා ඇඟිලී
පමා නොවී යනු මැන සුවසේ ඉගිලී…
- සංජීවනී පද්මසේන - 
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මිහිලිය!
සඳෙන් පෙරී වලාකුළෙන් අහස් ඟඟේ එතී
දිගන්යෙන් සේද සේළ එලා වෙලී එතී
ගිරිත් මුදුන් ශිඛර මතින් ගහේ වැලේ එතී
පොලෝතෙලේ බලත් සිඹිත් සඳේ කිරණ එතී
බිඳෙන් බිඳේ ළගින් ඇවිත් පිරී සිටිත් තරුත්
හදින් සොඳින් පිදුම් කරයි පෙමින් බැතින් වෙලිත්
පිදුම් කළත් සෙනේ සිතින් කුමර කුමරි තරුත්
සඳේ නෙතත් ගතත් හැරී පොලෝ තලේ බලත්
බලත් සොයත් මෙසේ හැරී කුමක් හොරෙන් සඳුත්
ළියත් මිහී පුළුල් උකුල් සෙළූ බඳත් පෙනෙත්
කුකුස් සිතක් නිසා උපන් හැරී බලම් මමත්
අහා! පෙනෙයි අගෙයි මිහීළියගෙ නිරූවතත්
දිවාත් හිරුගෙ රාග රංග වලින් තැලුම් ලබත්
රැයෙත් සඳුට කතා කරයි නළියන හෙල් කඳුත්
සඳුත් කිරණ වෙලා එතී හෙලත් රාග පිණිත්
මුවත් වතත් පෙඟී පිරෙයි කාම මදන මතින්
දෑත් දෙපා උරා බොන හැටී වැසී දියත්
හිරෙත් සඳෙත් මදන රැසින් ගැබ්බර වෙයි ඇයත්
රැයේ දවල් වදත් සදත් ගහකොල දරු පැටිත්
කෙසේ ඉවත් කෙරෙම් ඇගෙන් මගේ සිතත්ගතත්
ගසුත් වැලුත් වැඩ්පසින් වැසී කඳුත් හෙලුත්
දෑත් දෙපා විදාබලා සිටින ලෙසක් දිසෙත්
කෙසුත් මුදාහළින් ගලන ඇල දොළ ඟං පෙනෙත්
මෙවන් අසිරි පෙනෙත් අහක කෙසේ බලත් සඳුත්,,,,
ජී. චින්තා විවියන් සිල්වා
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
දුම්බර කඳුවැටි අතරේ
මංමුලාවූ වියලි කතරක හුදකලා වීලා දැයේ...
ඈත අහසේ වලාකුළකුත් ඉකි ගසා හැඬුවා රැයේ...
කූඩුවේ දොර පියන් බිදදා දරු පැටව් පියඹා ගියේ...
යන්න හිතුනත් ළඟම හිටපන් මියුරු මියුලැසි ප්‍රේමියේ...
ඈත අතීතයේ සොඳුරු තුරුණු විය ආ ගිය මග තොට සිහිකරලා...
දුම්බර කඳුවැටි අතරේ පාවෙන සිහිල් සුළං රැළි මඟ හැරලා...
මිහිඳුම් සළුපිළි උනා දමා ගෙන හිරු දෙවිඳුගේ තුරුලට වැඩලා...
සිනහ සපිරි සෙනෙහස් ගගුලැල්ලේ එදා වගේ ඈතට දුවලා...

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
දියදමේ නීතිය
හඬා වැළපෙන - හඳට තනිවම
රිදෙන රිදුමන් දැනේ තදටම
කිසිම දවසක යළිදු නොඑනට
ගියේ තනිවම - ඇයි ද නොදැනේ
මුහුදු වියරුව ගොඩට වැදුණා
නියං පීඩා හිතට දැනුණා
වියරු කොටි රැළ සතන් වනසා
අතිර ජීවිත දෑසෙ රැඳ වී
නාය ගිය කඳු - ගෙවල් වනසා
කළේ අවනඩු කිමද නොදැනේ
ිමක් නැති කෙළවර නොදැක
මිනිස් ඝාතන මාවතේ මැද
පොළොව දඟලන ගැඩවිලුන්ගේ
සසර ගමනෙයි අප දුවන්නේ
අපට අප කරන වරදට
දිය දමේ නීතියයි ගෙනෙන්නේ
සැදෑයෙන් සිත් මඬල පුරවා
ලත් මිනිසත් කමට පින්පුරා
ෙමතේ දියබි දු ලොවට වපුරා
පිං කෙතේ ඇවිද යමු තුටින්
