උණුසුම් පුවත්කව් මිණි වැල්සාහිත්‍යය හා කලාව

කවිකාර මඩුව – කවි කිවිඳියන් ගේ පාරාදීසය

මනෝ කිරුළු

දෙනෝ දහසක් දෙනෙත්

මගහැර නෙතින් නෙත සෙනෙහසින් බැදුණේ...

අනෝතත්ත විල නෙළුම

නෙලන්නට  දෑත් බැඳ ගෙන එකට ගැටුණේ...

මනෝ ලෝකයේ කිරුළු

පළඳා සදෙව්  ලෝකයේ

සිහින පෙනුණේ...

දරා ගැනුමට ජීවිතේ බර තනියමක් නැහැ තවම දැනුණේ...  

ඇන්ජලා පැල්පොළ

 

 

 

 


කොහෙද දුයිෂෙන්

කොහෙද දුයිෂෙන් අහනවා......

තාම මං නුඹ හොයනවා

ඈත දුර ඇති මතක අරගෙන

හීතලට දුන් සුසුම් විඳගෙන

කන්ද පාමුල නතර වෙද්දී

පුංචි පාසල මැවෙනවා

එනතුරා මග බලා හිටිහැටි

නෙත්පුරා ගැලු උණු කඳුළු කැටි

මතක් වෙද්දී ආයෙ මූසල

හුදෙකලාවක් දැනෙනවා

නුඹෙන් මා උදුරගෙන දුරගිය

තටු කැපූ නරුමයා දුන් බිය

හිතට එද්දී අදත් මගෙ ළඟ

ඉන්නවානම් හිතෙනවා

හිනාවුණ ඇස්වලට  රැවුලට

කවුරුහරි නුඹෙ පාට දෙනකොට

අනේ මං ආයෙමත්  දුවගොස්

නුඹේ සුවඳම හොයනවා

පුංචි පැටවුන් එක්ක එක්වී

මධුභාෂිනී ජයසුන්දර