පොල් දෙල් කොස්
ඒකමයි මං අහන්නේ.......
සුදුම සුදු වැහි වතුර කරපු මහ විනාසෙට
බොර වතුර මයි සහන මලු උනත් ගේන්නේ
පොල් ගෙඩිය දෙල් ගෙඩිය කොස් ගෙඩිය අරන්විත්
ඔය පහළ මිනිස්සුන්ට බෙදන්නේ
උල් කරන් වැටමාර කෝටුවක්
වතුරෙ එන ගෙඩියකට අනිනවා
වේල් තුන හතර පහ හිස්ව ගිය කුස්වලට
හීන් සතුටක් අරන් ලිපේ හීතල මැකෙනවා
අඩඩ්ඩාවට ඔය ඉවුර ළඟ
පය තැබූ මිනිස්සුන්
වැටේදැයි පපු රිදෙනවා
වාන්යන දැදුරු ඔය බල බලා
කාර් වල නෝනලා මහත්වරු
ප්‍රීති ඝෝෂා නගනවා.
කට්ට කන උන්ටමයි
පට්ට වැස්සත්
පැල් බැදන් බෙදන්නේ
පොල් කඩන ගුණයාගේ
දරුවන්ට ගෑනිට
අපිට වාගෙම කටක්
තියෙන්නේ
ඔය තරම් උඩ ඉන්න
ආකාහෙ
මොකෙන් මොකකට රිදවගෙන
මේ තරම් අඬන්නේ
වැහි වලාකුළු එක්ක
නිදි වැද්ද තරමටම
එයාටත් සනීපද මං අහන්නේ
- කුමුදුනිමෙන්ඩිස් - කුරුණෑගල
…ආදරණීය කඳුළ……
කිඳුරු පුර සඳකිඳුරු එයි සිතා මඟ බලන
අඳුරු සිතුවිලි වලින් වසාගත් හද අරණ
සොඳුරු මල් පුබුදුවා යළිත් ඉපදෙන සිහින
මියුරු සර මතුකළා පැතුම් දෝතට රැගෙන
උපන් දා සිටම පෙම, නෙත් මතම සැරිසරන
විමන් බිඳ වැටුණු විට නෙතින් පහලට ගලන
ලවන් පෙති තෙත් කරන් හදට නිබඳව බැදුණ
සෙමින් නුඹ අතැර ,මම සිනා මල් වෙත ඇඳින
පැතුවෙ නුඹ අතැර දා සෙනේ මල් පුබුදන්න
සිතුවෙ නුඹෙ උණුසුමට සදා කල් සමුදෙන්න
ලිව්වෙ කවි යළිත් මිය ඇදුණු සිත සනසන්න
දිව්වෙ නුඹගෙන් මිදී නව ලොවක හිනැහෙන්න..
පාට තැවරුණ මලක් පිපෙන හැටි බලාගෙන
රෑට සිහිනයන් එයි දස අතින් ගලාගෙන
මීට පසු නොහඬමී කීව හිත දවාගෙන
ගාටමින් නුඹ ආව යළිත් මා සොයාගන..
විසුළ බොල් පිණිවගේ සිහින මල් පිපුණු ළැම
දිදුල හිරු රැස් වැටී බොඳවුණා මියුරු පෙම
සසල සිත අමතකව නුඹව අත් ඇරපු ඉම
කඳුළ මට සමාවෙන්, රැවටිලා යළිත් මම….
- සංජීවනී පද්මසේන -
අන්දරේටත් හිනා හිනා
ඔක්කොම හිනා වෙද්දි මුනිවත රැක්ක අන්දරේ
අද බඩ අල්ලන් හිනාවෙලා මේන් ඒ
පාර අඬනවා
- සුමැ -
අපට අප මිස..
ආදරය උස අහස තරමට
ප්‍රේමයද මනරම්....
එදා සෙනහස ලොවක් තරමට
දැනුනේය මටනම්..
නුඹේ අතගෙන සියක් තරමට
දුරක් පසුකොට මං..
බැලූවිට සෙනහසේ කෙළවර නුඹ
කොතැන නොදනිම්.....
බිඳෙන් බිඳ හිත පෑරෙනා විට
රිදෙන්නැති හිත නම්...
නුඹෙන් තොරවූ ලෝකයක් ගැන
සිතුවෙ නැහැ මම නම්
වියත් වනවිට අහස් කුස යට
තනි නොතනියට කවුරුන්....
මටත් නුඹ මිස නුඹට මා මිස .... වෙන අයෙක් කොතැනින්.....
- ඉන්දු මංචනායක -
------------------------------------'
කුසගිනි තුරන් වී නොමවේවා ...
පවසක්
පිනිබර උදෑවක් නෙතු සනහන හවහක්
සිනහව උතුරමින් ඇද හැළෙනා නිවසක් .
හිතනා හැම දේම හරි යන යහ දවසක්
- මධුෂිකා අත්තනායක -