අවරගිර
සවන් ළඟ රාත්‍රිය සීතලෙන්
ගොළු වෙලා
පවන් රැලි හමා ගිය දුරින්
අද නැවතිලා
නුවන් අග රැදුණ බිංදුවක
පිණි මුසුවෙලා
ලවන් මුදු හඩක් පිට

කළා හැගුමක් සලා
අහිමි සෙනෙහස ළඟම
හදවතක් නැවතිලා
නොනිමි මතකය අතර සිතුම්
වැල් ඇමණිලා
වෙන්වී යන්නට කලින්
සමුදෙන්න ළංවෙලා
වියලි දොතොලින් නළල
සිප ගනිමි සනසලා
අවරගිර හිරැ අහස රත්
පැහැය තවරලා
අපෙන් සමුගෙන යන්න
හෙටක් එන තෙක් බලා
ගියත් යළි නොයෙන්නට
තවත් පැතුමක් වෙලා
නොයයි නුඹ මගෙන්
මම නුඹෙන් සිත වෙන්වෙලා
වසන්තය ගෙවීගිය මිහිරි
හැඟුමක් වෙළා
ගිම්හාන සුළග විත් දසත
දුහුවිලි වෙළා
අපි අපෙන් වෙන් වුණත් ගතින්
දෙදෙනෙක් වෙළා
හදවතින් ඉදිමු දිවි ඇති
තුරා එක් වෙළා
නුඹ ලියූ කවි
නුඹ සුවෙන් ඇතැයි සිතමි... වචනයක් වත් නොදොඩාම ඉන්නට
පරිස්සම් වෙමි...
ඉඳහිටක නුඹ ලියු කවි කැට පාට
කර බලමි..
රහස් පමණක් ලියා තිබු තැන්
වරින් වර පිරිමදිමි..
ඉපිල් ගස් මැද පුරන් වු පසු
ඉතිරි සුන්බුන් රකිමි...
දවාලක් නැති රැයක තරුවක්
පිපුණු වග මම දනිමි..
අසන්නට ඒ කොවුල් ගී එක දිනක් වෙන් කර හරිමි...
පන්හිඳට කඳුළු බිඳු යොදා
පන්හිඳට දමන්නට
පාට නෑ තිබුණෙ මට
කඳුළු බිඳු එකතුකර
වැටුණ ලේ බින්දුවට
තෙලි තුඩට රූර විත්
ලියූ මුදු බස් වලට
වසඟ වූ බමර කැළමත් වුණා හරි රහට
එදා සිට අදද හෙට
ලියන පදවැල් වලට
අමුතු පාටක් නැතුව
ගැලුව ලේ කඳුළු කැට
පොපි කාව්‍ය සංග්‍රහයෙනි.

- සුනිල් අකුරුගොඩ -
-------------------
නුඹේ තනිකම
සොදුරු සිතැති නිහඩ..
නුඹ සොයන සැනසුම..
දැක නොදැක දවාලන..
නුඹේ තනිකමේ කැඩපත..
බලන් හැරපියා මාත්..
නුඹ දකිමි නෙතු අගින්..
ගිණි සිඵව වගුරන..
ලියන්නට වදන් මදි තරමි..
සිපිරි ගෙය ගැන නොදැන..
නුඹ දවන තනිකමේ..
කැඩපත ඉඳහිට ඉගි..
කලා පෙමි පුරාණයේ ..
ශෝක විලාපය..
මැදියමේ සද නොබලා..
හිස් අහසට උරදි..
තනි තරුවේ ඉන්ද්‍ර කිලයක් මෙන්..
දඩබිබර සිත ලුණු රසම..
සිමිඹා අකුණු හිසර මදිය..
නුඹ මට..
සිනාසෙන කැඩපතේ හැඩතල..
සිංහ දෙනුව කඩුව සුරුකිව..
සද කිරනින් රැස් වළල්ලේ..
මුවම සිම්‍ඹා විඩාබර නෙතු..
අලුයමේ හෙට..