උණුසුම් පුවත්කව් මිණි වැල්සාහිත්‍යය හා කලාව

කවිකාර මඩුව

අතිරයි ජීවිතය හරි

හිරිමල් වියේ උඹ කැන්දන් ආව දිනේ...

සිහි වෙනවා සත්තයි මගේ රත්තරනේ...

තනිකම මැකුනේ ඔබ හින්දයි දිවි ගමනේ...

පණ නල ගැහෙන තුරු ඉදපන් සිත් යහනේ...

තාවකාලික නවාතැනක දි....

සදාකාලික දේ කොහෙන්දෝ...

රණ්ඩු කර කර...

ලබා ගන්නට ඇහැකි දේවල් කොහේ වෙත්දෝ...

සුළං රැල්ලක් වගේ පාවෙන...

ජීවිතේ හරි අතිර නේදෝ...

බෙදා ගැනුමට මෙදිවි ගමනේ...

සතුට සැනසුම් සුසුම් ඇත්දෝ..

 

 

-----------------------------

කියන්න බැරි අයිතියක්

අයිතියක් කියන්න බැරි

හිතකට ආදරයක් දැනෙන්න එපා

කවදාවත්ම

කොයිතරම් ආදරේ වුණත්

ආදරෙයි කියන්න බැරි

කොයිතරම් දැනුණත්

නොදැනුණා වගේ ඉන්න වෙන

ඒ හැඟීම දරාගන්න අමාරුයි

අතහරින්නත් බැරි

අයිතියක් ඉල්ලන්නත් බැරි

එහෙම අය හමුවෙන්න විතරක් නොවී

හිමිවෙන්නම ළංවෙන්න ඕනි

අත් හැරීමත් ප්‍රේමයක් කියල කිව්වට

එහෙම මිනිස්සු දවස ගානෙ ම

මැරි මැරී උපදිනව

ඇස් වලට පෙනි පෙනීම

ඒ අහිමිවීම,

දරාගන්නම බැරි වුණා ම

කඩාගෙන වැටෙන්නෙ

නැගිටගන්න බැරිවෙන්නම

මේ ලෝකෙ සමහර හමුවීම්

වල තිබුණෙ ප්‍රේමයමත් නොවී

සංසාර පුරුදුත් එක්කමයි

ඒකයි ගොඩක් අය

හමුවෙලත් වෙන් වුණේ ...

 - සඳලි මධුෂිකා අත්තනායක -

 

 


පුතේ !

හසරැල් නඟන්නට කඳුළක් හෙළන්නට

වරම් නැති පුතුණේ!

හදවත හඬන බව

දුටිමි මා ඔබ නෙතින්

මහරුක් අතර මැද - තෙරපී මිරිකෙමින්

පදවැල් ගොතන්නට  - බැරිබව දුටිමි පුත

හීනමල් හොය හොයා  - ලඳු කැලේ කුර ගෑව

ගොළුව ඇති හදවතක්

දිටිමි මා ඔය නෙතින්

හිරු සෙනේ නොමැතිව ම - දියදමට නතු වුණා

සුසුම් පොදි සසල වී  - උඩු සුළඟෙ පාවුණා

ගුවන් යානයක් ඇවිදින්

නුඹව අරන් ගිය දවසේ

මගෙ නෙතින් - නුඹ නෙතින්

දෙහදක් ම වැලපුණා

- රත්නා කහඳගමගේ -