පෙම් සිහින මායාවි..

පෙම් සිහින මායාවි..
රළ අතරට නුඹේ සුවඳ..
කාන්දුවන සිහින් සිනාරැලි..
මා කොතෙක් අමතක කළද..
පෙරළ පෙරළා රළ මෙන්..
වෙරළට පියඹා ඵන..
කොඳ මල් කැකුලි..
තිත්ත බෙහෙත් බි ගත්..
ගොඵවෙකු මෙන්..
මං මුළාවි..
රැ රටා වැලි තිරුවේ..
හඩ තලා අසන නුඹ ගැන..
මතක සයුරෙන් යදමි බැඳ..
සමුගන්න බැරි තරමි..
ආදරේ දුන් හිතට..
සුවදැති කුසුමක් මෙන්..
පරවි නොයා..
ගිලන් හදවතට හෙමින් කොඳුරා..
සැබැ ආත්මිය බැමිම..
කිරි සුදු රළ මෙන් පිවිතුරු..
කඳුඵ බිංදු ගනු දෙනු කරන..
මුහුදේ ඝෝෂා හඩ..
පරයා.. මා ඉන්නමි..
නැවතුන තැන නුඹව
සොයා..
 -  ශ්‍යාමලී ගමගේ -
-  ශ්‍යාමලී ගමගේ - 
නොපෙනෙන
පෙනෙන
තුංග තුරුහිස් මුදුන්වලටත් 
රාස්සියගේ අව්ව වැටිලා
පඬුවන්ව ගිය පත් අතරතුර
හරිත පැහැයත් සැඟව තිබුණා
බැලුම් ගල මත දුරට දිස් වූ
සුබ පැතුම් ගත් විසල් කොඩියක
සලකුණක්වත් මෙවර නැති හැට්
කාලයත් විපරීත වී ඇත
විහාරයකින් පෙර රජුන් කළ
කටාරම් ගල් ගෙයක සෙවණේ
වැහි වෙලාවට හොරෙන් ගලනා
දිය පහරකින් ඇතුළ තෙමුණා
ගලා යයි නිසසලව ගංදිය
අඳුර තුරුලුව උණ පඳුර යට
රැහැයි ගීයට දෙමින් ඉඩ කඩ
විහඟ කැල යති කැදලි සෙවණට
සුරා සොඬෙකුගෙ නුරා බැල්මට
බියපත්ව ගිය සන්නාලියක්
සොහොන් කොතකට මුවා වන හැටි
අවපසේ සඳවතිය දුටුවා
පුළුටු මස් කා රැයේ මැදියම
විමානෙට යා නොහැකි බව කී
යකැදුරා එළ වූ යකා විත්
සුවැති සෙටියේ නිදා ගත්තා
 - කමලා ලියනගේ
 - කමලා ලියනගේ
පසුතැවිල්ල
පාන්දර යාමයේ බස් එකට ගොඩවුණා      
 
ඇස් දෙකට නොදැනීම සඳුදාට එළිවුණා
දුක්බරිත නුඹේ අස් කලබලෙත් සිහිවුණා
කන්න ගත් බත් කටත් අම්මෙ මට හිරවුණා
මහන්සියි රිදෙනවා ඔළුකට්ට හොදටෝම
ඔෆීසියෙ වැඩ ගොඩයි ආවෙ ඒකයි රෑම
ලංවෙලා හිටියාට පුංචි දා තුරුලේම
අම්මෙ අපි වෙන්වෙලා නේද
හොර රහසේම
මධුභාෂිනී ජයසුන්දර -
 
            