මහද්වීපයටළඟම දූපත
මහද්වීපයට පෙනෙන දුරින් ඇති
දූපතකි
මුහුද රළු වූ දිනදි
පහසුවෙන් යටවිය හැකි
මහද්වීපය වෙලාගත්
රෝ බිය
මර බිය
අමනුස්ස බිය
අඩු නැතිව ඇති
සුළං වැසි
සුළි කුණාටුද
හඹා එන විඩා නැති
විෂ වායු දුම් මවා එවා ඇති
එපමණයි
මහද්වීපයෙන් දූපතට ලද හැකි
ෂර්මිලා බංදුනී දංවත්ත
මිහිරකි නුඹේ පිළිරුව
මිහිරකි නුඹේ පිළිරුව
දැක දැක ඉඩෝරය
පා තබා හමාරය
වැව් අමුණු ශෝකය
දැනුම් දෙන්නට නාකය
මල් පිපෙණු රිසි වන
තුරු අගිසි හමුවන
කටු පඳුරු තැන තැන
මග හැර දකිමි සෙනසුන
සිරිසර උයන් නොමැතිව
තොරතුරු අසා මිතුරුව
කරදර පවා නොදුටුව
මිහිරකි නුඹේ පිළිරුව
- නයෝමී අමරසිංහ -
ඒපා බැඳෙන්නට
බැඳිලා ඉන්න එපා
සැපතට දුකට තදින් බැඳිලා ඉන්න එපා
ගොළුවකු බිහිරෙකු ලෙස දිවිමග සරනු එපා
පැරදුම රැගෙන මගදී හැරිලා දුවනු එපා
පස්පවෙ දිනෙන් දිනේ ඇලෙනා සිතක් එපා෴
රූපය මැන බලන උඩඟුව දුර ලන්න
මානය හද ගැබෙහි පුරවා නොම ගන්න
තන්හා සිතට එපා නිතර ගැති වෙන්න
කාලය ලබාදෙන යමකින් සෑ හෙන්න
සැනසුම ලැබෙන දයාව හද සතු වේවා
සිනහව නිතර හැම මුවකම මතු වේවා
නොසතුටු වතින් යන ගමනක් නොම වේවා
මනහර රසින් දම් කිරණින් නැහැ වේවා
සඳවති සිනාසෙන සුවදෙන වෙලාවේවා
තුන්ලොව තිලක පිය ගුණ සිහි වුනාවේවා
සිතගිනි නිවෙන දම් ගුණකඳ මනාවේවා
නමදිමු බැතින් සසරේ දුක නිමාවේවා
පද්ම කාන්ති දසනායක
බහ ගොළුවී
ඕළු නෙළුම් මානෙල් ඉඟි බිඟි පානා ලීලේ...
නෙතු පිනවන සොඳුරු දසුන් දිස් වෙයි නෙතු මානේ..
සුදු අරලිය මලක සුවඳ හද කලඹනවා...
ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරි අහක බලනවා...
සිත් යහනේ සැතපෙන්නට ඇළුම් කරනවා...
බහ ගොළුවී පය පැටලී ආපසු යනවා...
දුර ඈතක පියවර මැන ඔබ වෙන්වූ දිනයේ...
ගැළු කඳුළු වැල් හෙළුවා ඔබ පාමුල රිසිසේ...
සිහින ලොවක රජ කරනා අහිමි කුසුම මාගේ...
මතු බවයෙහි මගේ වෙලා එන්න පිපී ආයේ...
- ඇන්ජලා පැල්පොළ -
වියෝවය පසු
හිනැහුණා එක් වරක් තනියම..
හඹා ආ පිනි බිංදුව සේ නුඹ..
ළංව හිනැහෙන මතකයේ පෙම..
ඇමුණුවා මා ප්‍රේමයේ රග,
මකාලන්නට බැරි සෙනෙහස..
තවත් දිනකට අමුණුවා පෙම..
නැවත මුණ ගැසුණු සාදයේ..
කවර අරමුණු කතා පල නැති..
හදත් ගිණිගෙන නුඹේ ලෝකයේ..
වියෝවය පසු අකුණු හිසැර..
නොපෙනි යනතුරු නුඹ වටා..
ඇති පවුරු වළල්ලේ එක් පුරුකක් වන්නට..
පමා වි හෝ මුණ ගැසුණු ඒ හෝරාව..
මිරිකුණා මගේ හදවතේ දැවෙන..
නැවත තනිකමේ පියමංසල..
ගල් ගැසි බලා උන් තප්පර කටුව..
මතක් කළා මුනිවතේ හැඩතල..
බලා ඉමි මාද නුඹ මෙන්..
තවත් දිනෙක පිය නගන්න..
පටන් ගත් තැනේ පෙර හුරුව..
ශ්‍යාමලී ගමගේ..