සොදුරු සිසිල් දිය බිඳු
අඳුරු අහස මත අතුරා රිදී එළී
සොදුරු සිසිල් දිය බිඳු විත් නගයි සුළී
නිසරු පොළොව මත ඉකිලන සිනිඳු වැලී
මිතුරු වැහි දියෙන් හිනැහෙයි නගා රැලී..
සිසිල් වැහි දියෙන් තෙමෙනා තුරු සිරස
නිසල් ලොවට පවසයි වැස්සෙහි රහස
කලල් මඩ වගුරු අතුරා බිම් පියස
පුළුල් දොලක් මෙන් ගැලුවා හැකි විගස…
සීතල සමඟ මිණි මුතු මෙන් වහින වැහී
ඊතල වගේ පැටලෙයි හද පතුල ලිහී
රෑ,කල මතකයෙන් රිදවන පෙමෙහි පිහී
මා, කල සෙනේ පැටලුම් එයි නැවත ලෙහී
ඉදිකටු තුඩක සුසිනිඳු රිදුමක් එතුව
සිදි බිදි පෙමක නටඹුන් ඇත මා සතුව
නිදි නැති රැයේ කඳුළැල් මැද ඔබ පැතුව
මදි වැහි දියට මා ලියු කවි ඔබ නැතුව…
- සංජීවනී පද්මසේන -
••• •••
සමුදුරේ හැඩතල
සඳ ඇවිත් මඳකට
අරන් ගිය මතකය
වියළි ගිය කඳුළු ගඟ
තවම ඉරි තැලී නැත
මතක බිඳු සයුර
නුඹ නුවන් සැරිසරන
සමුදුරේ හැඩතල සඳ නිහඬ මතක පොදි
රැයට පෙම
ඉඟිමරණ සඳ අවදිකළ
තරු එළිය නොදකින
සඳ කුමරි රැයම කොද
මලින් සැරසුණු යහන
නොඉඳ ඇත සඳ කුමට
මට පමා නැති ුඩුව නුඹ නොදුන් දියඹ
පෙම
සඳ කුමරි හැඩට හැඩ
ගලා යයි දියඹ මත
- ශාමලී ගමගේ -
කිරි සයුරට ආ....
ලියා ගන්න බැරි කවිපද හිරු
දෙවිඳුගේ ගුණ ගයන්ට...
යස අගේට ගයා වැයුණා
සඳ කුමරුගේ සොමි ගුණයට...
ගලන ගඟේ දිය නාගෙන
ළිඳේ වතුර ගෙන බිව්වට...
කිරි සයුරට ආවඩන්නේ
දෙව් බඹුන්ට නැති විදිහට...
මගේ කියා අරගෙන ආවේ
මොනවා...
අගේ කරන් රැකුමට කිසිවක්
නැතුවා...
වගේ වගක් කුමටද හදවත්
දිනුවා...
නඟේ මලේ හොඳ හිත සැමහට
පිදුවා...
••• ---- •••
යාදින්න
පෑල දොර විවර වී සියල්ලන් නිදිපැයේ
දෑළ දෙපසේ වැතිර නිදති දරුවන් රැයේ
මාල හත පළඳන්න ලොකු
දුවගෙ මල් වියේ
කාල රකුසනි
වරෙව් හිනැහෙන්න මේ
රැයේ
දෑල මල් පුරාගත්
මැණික් මාළිග තියේ
සීල
රකිනට බැරිව ඇය හඬයි
මේ රැයේ
පෑල දොර
වැසු පසු සුසුම්ලන
සිහිනයේ
කාල රකුසනි බුදිව්
කුණුකයම මේ රැයේ
කාලගිර සැඟව ගිය හිරු
එන්න පෙර පැයේ
කාලගිර බිලිගත්තු හිමිව
සිහිවයි රැයේ
කාලගිර අඳුර බිඳ සිනහා නඟන වියේ
කාලගිර රකුසන්ට හීන
ඉතිරිව තියේ