උණුසුම් පුවත්කව් මිණි වැල්සාහිත්‍යය හා කලාව

කවිකාර මඩුව

කිවිඳියන් සිව් දෙනෙක් අද

අතින් අතට..

රෝස පෙති සොයා..

බඹරුන් හිනැහෙන..

මල් ගොමුවේ නන්නාදුනන..

දුපතේ අතර මං වි..

තිත්ත බෙහෙත් බිගත්..

ගොඑවෙකු මෙන්..

මුහුණේ හැඩ තල..

මකා දැමුවේ..

රැ ඉකිගසමින්..               

නින්ද නොයන රාත්‍රියේ..

අඩ නින්දට..

වරු ගන්..

මිමැසි කැල..

රජ කරමින්..

දවසේ සොචිචම..

හිනැහුණා..

සිත වාරු නැති කරමින්..

අතින් අතට..

යන දුවිලි ගවුමේ..

මල් පාට ..

කඑවර ඇවිදින්..

තාමත් හිනෙන්..

හිරිකිත රුප..

අඳිනවා..

කාන්සිය ..

අඟුරු මත..

සිපගනිමින්..

 -  ශ්‍යාමලී ගමගේ..

❤❤❤❤❤  ❤❤❤❤❤ 

චන්ද කින්නර කතා වස්තුව

                                   ඇන්ජලා පැල්පොළ -

 

 

යශෝධරා හට දෙසුවදා...

කිඹුල්වත් පුරයට වැඩම

කොට සුදතුම්ට බණ

දෙසුවදා...

ඥාති හිත මිතුරන්ව බැහැ

දැක සැමට කෘතගුණ

පිදුවදා...

මැදින් මාසේ පොහොය

දිනයේ සිහි කරමු

ගෞතම මුනින්දා...

❤❤❤❤❤  ❤❤❤❤❤  

සෙමින් වියැකෙන රැයේ

සෙමින් වියැකෙන රැයේ

සඳ දැක අහස පිනි

කඳුළින්ම තෙමුණා

පෙතිවිදා අහැරෙන්න

දඟලන

කැකුලු මල් සීතලින්

පිරුණා

තණ පඳුරු තුරුපත් අතරෙදි

පුංචි මිනිකැට

සේම දිලුණා

මෙවන් උදයක ඔබ හැමට

අදරින් දිගාසිරි පතන්නට ම

සිතුණා!!!,                                                    චින්තා විවියන් සිල්වා - 

❤❤❤❤❤  ❤❤❤❤❤  

හෙව්ව හැම තැනම                   

පොඩි පැටිය මෝරලා දසමාසෙ

පිරුණාම

හෙව්ව හැමතැනම නෑ දුර ගිහින්

නොකියාම

ලෝකයේ උතුම් වූ සඳ වුණත් 

අම්මා

බැරිවුණා රකින්නට ඒ ගුණය

පෙම්මා

පව්කාරකමට මගෙ හිත තවත්

නම්මා

අවසානේ සර් මං දරුව වළ

දැම්මා

 - මධුභාෂිණී ජයසුන්දර -