කුවේණී

සිනිදු අතැගිලි..
මුහුණේ වර්ෂා..
ළැබැඳි කිංකිණි..
සොයයි නෙතිනා..
හදම ගැස්සුණු..
නුඹේ වර්ණා..
අසමි මා අද..
විජය පරදා..
තිට මගේ අණ..
නොදැන සිටිනා..
තමිබපන්නියේ මුහුදේ ඝෝෂා..
අසන සේනා..
බලවි නෞකා..
මාද දැන්..
ගල් ගැසි සිටිනා..
පෙමින් ගිලිහිණු මතක වර්ෂා..
සිහින් සඑපිලි අදුරේ මැකුණා..
නොදැන තතු මා දියේ ගිලුණා..
නුඹට දාව සුදු නෙළුමි පිපුණා..
අඩමි මා හැර නොයන් පරදා..
කඳුළු උරුම කළ රැයට නින්දා..
සෙනෙහෙ ගඟුලට අරුත් පාදා..
සමුගනිමි මා නුඹට ශාපා..
- ශ්‍යාමලී ගමගේ -
හංසයෝ නුඹ?

තුරුලේ හොවා ගෙන පැදුරේ ගුලිවීලා...
ඈ සීතලේ ඇදී වත ගෙන පොරවාලා...
හිස අත ගගා දෙවි රැකවරණය යැදලා...
කිසිදා නැතේ හරි හැටි නින්දක් ලබලා...
පියඹා ගියා දූදරුවන් අහස් කුසේ...
තවමත් සුවඳ පිරිලා ඉතිරෙයි ගෙපැලේ...
වැහැරී ගියත් වත දුබලව අද දවසේ ...
පුරහඳ වගේ හිනැහෙනවා අප සිහිවී...
💛 💛 💛 💛 💛 💛 💛 💛 💛 💛
ලිහිණියෝ තොට පෙනුණේ නෑ
පරවියෝ තොප දුටුවෙ නෑ
දියෙන් කිරි වෙන් කරන් බිව්වට
හංසයෝ නුඹ දන්නේ නෑ
කෙතේ දහඩිය හෙලන මිනිසුන්
ගැන වගක්වත් තිබුණෙ නෑ…
රජාටම ආවැඩූ නුඹලට
කුසේ ගින්දර දැනුණේ නෑ
නුඹට සංදෙස ලියා දුන් කිවි
ඇසට ජන දුක පෙනුණේ නෑ
හුණු සහල් මිට අතේ නැති දා
ලිපේ ගින්දර නැගුණේ නෑ
අපේ ගින්දර අපිම දැරුවා
සියතුනේ නුඹ දන්නේ නෑ ……
ලිහිණියෝ තොට ……
අගන රූබර වරුණ දැක දැක
ඉගිළුණා මිස නුබ ගැබේ
ගැබක් දරනා මවකගේ රූ
ගැටුණෙ නෑ නුඹ ඇස් කොනේ
නීල සමුදුර පරදවන වැව්
කඳු වළලු බැඳ ඉදිවුණේ
එවන් දිරිසවි පිරුණ මිනිසුන්

ඇයි නුඹේ ඇස නොගැටුණේ……
ලිහිණියෝ තොට පෙනුණේ නෑ...