බිලිගත් ළිඳ
ආඬවනේ මුරුගා
මගෙ දරුවො දෙන්න මුරුගා
කෑ ගසා හඬමි මෙලෙසා
මගෙ දරුවො දෙන්න මුරුගා
සුදු පිච්ච නෙළා දෝතින්
කෝවිලට ගියේ බැතියෙන්
උන් නළල උලා පොළොවේ
නුඹෙ නමටයි ගී ගැයුවේ
විල වතුර පිරී රිදියෙන්
ඇස් නිලංකාර වූයෙන්
උන් නොදැන පාද තැබුවේ
නුඹ සැඟවූ ළිං පතුලේ
ආඬවනේ මුරුගා
මගෙ දරුවො දෙන්න මුරුගා
කෑ ගසා හඬමි මෙලෙසා

මගෙ දරුවො දෙන්න මුරුගා
💛 💛 💛 💛 💛 💛 💛 💛 💛 💛
හිච්චි පැංචි
හිච්චි පැංචි ගෙදර හිටපු දගකාරී...
මතක් වෙනවා ඒ සුන්දර කටකාරී...
පැතුම් පතා කර ගත්තා සහකාරී...
දිවිය පුරා රැකගන්නවා මගේ බාරී...

සන්නාලිය නුඹ....
ඔබ නිදිදි මා නෙතු ළඟ..
පෙමි කළා හිමි කමක් නොකියා..
පෙමට නෙතු පියන් සැළුණු..
සිතල කඳුඑ..
සිපගත්..
ගිමිහානය..
වස්සානය..
පිපුණු සුදු නෙළුමේ..
සුවද නුඹේ හද..
කිතිකැවුණා…
මදකට රස්නෙට දැනුණු..
තෙතබරි කොටිටය පුරාවට..
ලියැවුණු පෙමි පණිවිඩ..
අකුරු අතරින්..
සැගවුණු..
ගැලපිලි නිහඩව.. අඩ නින්දේ..
හිනැහෙන..
සන්නාලිය නුඹ..
ගොතන පදවැල්..
රැය පුරා..
හිස් අහසට..
හුදකලාව හුරු කළ..
පුංචි තාරකා..
පෙල ගැසි..
රැයේ නිදිමතින්..
ඇවිදින සේපාලිකා..
සුවද ගෙනවිත්..
නුඹේ ළඟ තනියට..
ඉන්නට..
අදත් ඵදාමෙන්..
බලා ඉන්නවා..
පන්හිඳට..

කවි සිතින්..