උණුසුම් පුවත්කව් මිණි වැල්සාහිත්‍යය හා කලාව

කවිකාර මඩුව

කවි සුවඳක්

සඳ සළු හැඳ තරු දරුවන් තුරුළට  අරගෙන

මුදු කිරණින් හිස අතගා සිඹින වෙලාවක

කඳු මුදුනින් අහසට වන් සුළං රැළක වැද

මල් පියවිලි විසිර ගියා නිල් තණ බිම් මත

 

සුවඳ නෙළා සිත අතුරා ඇවිදින්නට යන

රැයේ සිහිල උරා ගත්‍තු සේපාලික මල

තරඟ බිමෙන් බැස හෙමිහිට කෝල සිනා මැද

සඳ එළියට තිළිණ කළා ඇයට උරුම බස

 

කිරි මුහුදට සඳ දොවලා දුන්නු දියර ගෙන

හෙමි හෙමිහිට දෙගොඩ තලා ගලා යාවි හෙට

සුදු සඳරැස් වලින් අනා ඇඳි සිතුව්ම් වල

නයෝමි අමරසිංහ

කවි සුවඳක් ඉතිරි වෙලා අමතනවා මට

                                                                                                      

 

 

💛 💛 💛 💛 💛 💛 💛 💛 💛 💛

                                                      For SKY Lovers  හිත නිවන දසුන් අතරේ

අහස කියන්නෙත් ලස්සන මායාවක්

පුංචි වලාකුළු එකට එකතුවෙලා

ලස්සන රටා මවපු ලස්සන චිත්‍රයක්

ඉර බැස යන සොඳුරු හෝරාවක

මැව්වේ වලාකුළු නෙතට විවේකයක්

රෑ අහසේ සඳ තරු එක්ව

හිතට කැන්ඳුවේ හීන ලෝකයක්

ඉතින්

අහස කියන්නෙ ම

සිතක් සුව වන

මිහිරි දසුනක්

තාග්‍යා තත්සරණී කළුබණ්ඩාර

 

භාතිය ඇත් රජුනි….

සතුරු රෝ බිය මතින් නැවුම් හුස්මක් ගන්න

මිතුරු වනපෙත දිගේ පෙර ලෙසින් ඇවිදින්න

සිදුරු වුනු ළය මතින් තුටු කඳුළු උතුරන්න

දැදුරු ඔය ඇත් රජුනි, දිරි අරන් නැගිටින්න..

 

තෙදැති නුඹෙ  කුඹු මතින් වෙහෙස බව පෙනෙනවා

බලැති සිරුරට තවත් සවි නොමැත හැඟෙනවා

මිදෙති යැයි රෝ බියෙන් සිත සෙමින් කියනවා

පැවති නුඹෙ පෙර සිරිය දෙනෙත් මත මැවෙනවා

 

එකල තෙද  බලැති නුඹ වන පෙතේ සරණ හැටි

මෙකල සිහියට නැගී දෙනෙත් මත කඳුළු කැටි

තුමුළ ගිජිදුනි අනේසවි නැතිව බිමට වැටි

අමිල සම්පත නුඹයි දැදුරු ඔය අවට සිටි

 

වනපෙතේ කිසි දිනක උවදුරක් නොවන්නයි

දින ගනන් ගෙවී හෝ නුඹ සුවය ලබන්නයි

දණ මතින් නැගිටින්න සවි බලය ලැබෙන්නයි

මන බඳින ඇත් රජුනි,යලි කිරුළ ලැබෙන්නයි

ගත් වෙරට වෙදදුරන් එක්කලා ඔසුවෙ මිල

පත් වෙන්න එපා නුඹ දුබල වී බිඳී බල..

සිත් වලින් පතාගෙන  භාතියට සෙනේ කළ

අත් බැදන් යදිනවා පිහිට දෙවි දෙපා මුල….

                                                                       සංජීවනී පද්මසේන 

💛 💛 💛 💛 💛 💛 💛 💛 💛 💛

මා මා ම විය...

ඔබ මගේ නොව ඔබ ඔබේමය...

මාද ඔබේ නොව මා මගේමය...

ලොවේ පවතින සදා සැනසුම...

සොයා දුවනා අකීකරු හිත...

හැරී බැලුවා විශ්මයෙන්...

හිතේ ගැඹුරුම තැනක හමුවිය...

නේක පාටින් වර්ණ ගැන්වී...

ඉර හඳ දරාගෙන තරු පොකුරුත් කැටුවා ...

අව් වැසි ලබාදී සැමහට සෙත් පැතුවා...

     ඇන්ජලා පැල්පොළ

මොන දේ කළත් හැම දේටම දොස් ඇසුවා...

ගෙදර බුදුන්ටත්  මට වගේ දොස් නැඟුවා...