සඳෙන් පෙනේ අනුබුදු හිමි!
හොරෙන් හොරෙන් කඳු යායට මුවා වෙලා...
වෙරෙන් ඉහළ නැඟ වැදලා මිහින්තලා ...
පිනෙන් මිහිඳු මාහිමි ගුණ සිහි කරලා...
සඳෙන් පේනවා අනුබුදු පහල වෙලා...
------------
දිනකර උදේ හොරැහින් හිනැහී බලලා...
සිහිකර අපේ පෙම් සුපුවත පවසාලා...
මුසුකර දුක සතුට එකලෙස කලතාලා...

දියකර පෙව්වා හිස පිරිමැද සනසාලා...
💛 💛 💛 💛 💛 💛 💛 💛 💛 💛
නිහඬ යදින්නිය 
නිහඬ යදින්නිය
වචනවලට ඇහෙනවා..
නැහැ බියක් වේදනාවට ..
බැහැ කරන්න විස්තර වචනවලින්..
රැඳිලා ෙව්දනාව හදවතේ..
මුමුණනවා මං.
කාලයෙන් කාලයට..
කාලයෙන් කාලයට
දැනෙනවා මට ..
ලිහිල් වෙන වග..
සටන..
වචනවලට වඩා..
නවත්තන්න..
මගේ සිතුවිල්ල
එක පියවරක්.. ඉදිරියට..
කාරණා මුමුණන්න..
අවදි වන්න..
සිනහව..
අහන්නේ නෑ..
කරනවා ආයාචනා ..
වෙඩි තියන්න මට ..
හැබැයි සුරකින්න..
මගේ හදවත..
මට පියාසර කළ හැකියි..
මම සූදානම් වූ විට..
ආදරය..️
ඇතුළත මම ගැඹුරුයි..
ඔබේ ක්‍රියාව..
වැඩිපුර මගේ..
වේදනාව..
පද රචනය: ශ්‍යාමලී ගමගේ
💛 💛 💛 💛 💛 💛 💛 💛 💛 💛
වැඩ කරන්න ඔබ වෙනුවෙන් ම 
මේ ලෝකේ ඔබ ගැන හොඳින් ම දන්න කෙනා
ඔයා වුණාට
ඔයාටත් වඩා ඔයා ගැන දේවල් කිව්වේ හෙව්වේ
සමාජය
ඔයා ගත්ත නිදහස් හුස්ම පොදකට
ඔයා බඩපිරෙන්න කාපු බත් කට කට
ඔයා සතුටින් ගෙවන ඇතැම් විටෙක
වග නොකියුවාට දායක නොවුණාට
ඔයාටත් වඩා ඔයාගේ ජීවිතය ගැන
අවධානයෙන් හිටියෙ සමාජය
ඉතින්
දුක්මුසු අවස්ථාවන් හි හැර ගිය
සැපවත් කාලවල දී ළඟින් වැජඹෙන
සමාජය ගැන ඕනැවටත් වඩා
හිතන්න මොකට ද වෙන් කරන්නෙ
ඔබේ වටිනා කාලය
ඔබ ලබන ජය ඔබේ සාර්ථක වීම්
ඔබ ලබන පැරදුම් මෙන් ම අසාර්ථක වීම් ද ඔබට යි.
එනිසා ඔබ ඔබ වෙනුවෙන් වැඩ කරන්න
තාග්යා තත්සරණී කළුබණ්ඩාර -