කිරිල්ලී
දරුවන් රැක ගන්න දිව රෑ වෙහෙසෙනවා...
වරදින් මුදවා ගැනුමට රැකවල් දෙනවා...
ඔවදන් දෙමින් යහ මඟ අරගෙන යනවා...
මිහිදන් කරනු බැහැ පියවරු බුදු වෙනවා...
ඈත අහසේ පියාසලලා ඉගිලිලා
ඒ කිරිල්ලී...
සීත සමීරේ මගේ සමීපේ වෙළුණා
ඇවිදින් ඉගිල්ලී...
ගීත ගයමින් මිහිරි නාදෙන් තනිය බිද
දැමු කෙවිල්ලි...
දෑත බැමි බිද යන්න හදනවා දැවෙයි
මගේ හිත ඇවිල්ලී...

💛 💛 💛 💛 💛 💛 💛 💛 💛 💛
රෑ අහසේ මා
බැබළෙන සඳ වන්නට හීන මැව්වත්
දිදුලන තරුවකි මා රෑ අහසේ
ගැඹුරු සාගරය වන්නට හීන මැවුවත්
පුංචි ම පුංචි දිය බිඳුවක් මං සයුරේ
වටිනාකම නොමැති බව හැඟුණත්
මමත් වටිනා කෙනෙකි මේ ලොවේ
කිමද යත්!
සඳට තනියක් නොදැනෙන්නේ
රෑ අහස ලස්සන වෙන්නේ
මං වගේ පුංචි තරු පොකුරක් නිසා
ගැඹුරු සයුර තැනෙන්නේ
මං වගේ දිය බින්දු ගොඩක් එකතුවෙලා
ඉතින් මං මට ආදරෙයි
මොකද මං මගේ වටිනාකම

හඳුන ගත් නිසා
මහබුලන්කුලම හස්ති රජුනි!
නෙත් කඳුළු පිරෙනවා මතක් වී බොහොම
සිත් පුරා මැවෙනවා නුබේ රුව තවම
අත් බැඳන් දෙවිඳු ළඟ අයැදුවත් කොහොම
හිත් දරුණු ඇයි මෙහෙම මහබුලන්කුලම…
දපා මහ පොළව මත බල බිඳුණු සිරුරේ
අපා දුක් ගොඩක් මැද දැවුණ දුක් කතරේ
පිපාසිත බල ලොබින් පිරි ලොවක් අතරේ
දෙපා සතුනගෙ පවින් මියඇදුනු මිතුරේ…
ලොවේ ඉඩහසර නුඹ වෙතත් සම ලෙසට ඇත
පවේ සිරවුණු මිනිස් කැළට එය මතක නැත
දැවේ මුළු හදවතවතම නුඹේ දුක් කඳුළු මත

නිවේයැයි සිතා දුක ගියෙද වෙන ලොවක් වෙත..
සොබා දම් මෑණියන් කුපිත වී යම් දිනෙක
නොබා නඩු අසනු ඇත සමා නැත ඒ විටක
තබා ගෙන නුඹෙ හුස්ම මනුසතුන් නැති ලොවක
පබාසර අලි රජුනි ඉපදියන් නුඹ මැණික..
💛 💛 💛 💛 💛 💛 💛 💛 💛 💛
අප මිස..
ආදරය උස අහස තරමට ප්‍රේමයද මනරම්
එදා සෙනෙහස ලොවක් තරමට දැනුනේය මටනම්... නුඹේ අතගෙන සියක් තරමට තරමට දුරක් පසු කොට මං... බැලූවිට සෙනහසේ කෙළවර නුඹ කොතැන නොදනිම්.... බිඳෙන් බිඳ හිත පෑරෙනාවිට රිදෙන්නැති හිතනම්.. නුඹෙන් තොරවූ ලෝකයක් ගැන සිතුවෙ නැහැ මම නම්. වියත් වනවිට අහස් කුස යට නොතනියට කවුරුන්... මටත් නුඹ මිස නුඹට මා මිස වෙන අයෙක් කොතැනින්...
