නමක් නැති දරුවෙක් ගැන
වෙස ක් නිවාඩුවෙ පොත කියවූයෙම් ය
නම ක් නැතත් කවි කම් නම් දරු කම් ය
පොතක් ලෙසත් වින්‍යාසය මනරම් ය
සිත ක් තුළ එපොත මේ ඇඳි සිතුවම් ය
දූඹු ල් වයස හා පාසැල් කාලය ද
අන ල් වෙළුණු දිගු සරසවි සමයක් ද
පවු ල් විස්තෘතය තුළ සංක්ෂෝභය ද
විම ල් මේ කවි තුළින් වෙයි නින්නා ද
නැඹු ල් සසර සැමදෙන නොලබනා අද
නිම ල් කවි සිතක උරුමය දරන ලද
සිය ල් දේ ම මැදහත් ලෙස බලා හිඳ
ඇතු ල් හද ඔබේ නැඟු හඬ මෙකවි වෙද
අවු ල් නිරවුල්ද දුක සහ සැනසුම ද
තැවු ල් ලෙස නිමාවෙන උත්කර්ෂයද
සිය ල් ලක් ලියා කවි මේ ලෙස පබැඳ
විම ල් අපි කෙතෙක් දුර තව යා යුතුද

❤️❤️❤️ ❤️❤️❤️
විශ්වාසයේ කැඩපත..
නොසෙල්වි බලා ඉමි.. පෙරමෙන් ..
පෙරදා මෙන් නොව..
සිනහා මඩල..
නුහුරු නුපුරුදු පාඑවකින්.. වැසිගිය..
කතා නොකළ .. සිනා නොවුණු කාලය..
මිරිගුවක් පසු පස.. හඹාගිය පුංචි ..
කිරිල්ලිය..
නුඹත් නොදැනිම.. මා දින සති..
මාස බලා උන්නා..
නිහඩ සිතුවිලි.. අතරමග..
කාන්සිය මකාලන..
සිහිල් සුළං නැලවි.. නොක්කාඩු..
සිත .. ඵබි බලන.. සදරැස් පවා හිනැහුණා ..
ඔචිචමට..
ගොඑ වෙචිච හදවතට.. තවත් ළංවෙන්න..
බැරි තරමි.. කදුඑ බිංදු..
රැරා වැටෙද්දි..
මතක හොරෙන් නික්මෙන.. තාරුකා ඵළි ..
පවා නුරුස්සන මගේ.. සිත..
අද හෝ හෙට..
නුඹ දකිවි.. සඳ ..
නමුත්.. මා දැන් බොහෝ දුර ගිහින්..
අද අඬන.. හෙට හිනැහෙන..
හෝරාවේ තවත් පමා නැ ..
සමුදෙන්න..
මා දුරින් සිඹින සෙවණැලි පවා..
නුඹ දකිවි..
දිනක අමතක වුවොත්.. බලන්න පෙරදා මෙන්..
මා හිනැහි බලා ඉදි.. සඳට ළං වි..
නුඹට පෙමිකළ ..
තාරකාවිය..

කඳුළක කවක්
හිතේ මල් පිපුණේම පමාවී
නෙතේ උතුරණ කඳුළු ගලාවී
වතේ මතකය ඇවිත් වෙළේවී
නැතේ පැතුමක් යලිත් මුලාවී
හිතේ මල් පිපුණේම පමාවී…
විතින් විෂ කටු පිරුණු ළැමැදේ
නිතින් සමනල සිහින මියැදේ
අතින් සිතුවම් මකා නිබඳේ
නෙතින් කඳුළක කවක් පිබිදේ…
පාට බොඳවුණු අහස් විමනේ
රෑට මතකය පෙළයි සිහිනේ
දාට තනිකම රැදුණු සයනේ
කාට අවනඩුද හිමි සඳුනේ

❤️❤️❤️❤️❤️❤️❤️
ඈත මෑත කොතැන ගියත් දිවා රැයේ...
ජය පැරදුම දරා ගනිමු ජීවිතයේ...
දුක ශෝකය අමතක කර අතීතයේ...
සතුටු සිනා මල් පිපිලා ඉඩෝරයේ...
දළදා මැදුරේ තේවා හඬ මැද මිහිදුම් සළු පට දෙකට ඉරා...
ළාහිරු කිරණින් දිදුලන තුරු වැල් පිනි වරුසාවේ කුසුම් පුදා...
මහවැලි කොමලිය හැඩ වැඩ ගන්වා කිරි සුදු පෙන පිඬු බසියි ගලා...
සෙංකඩගල පුර සිඹ එන මදනල ජීවිතයේ සැනසුමයි සදා...

-