ගාලු එන බෙලිහුල්ඔය කුමාරිය
ඈති න් පෙනෙන මහඑලි ගිරි හිස් තුමුල
වන යෙන් ජටා බැඳ ගත් වැනි නිල් උදුල
එතුළි න් පෙනෙයි ඔබ ඇරැඹුම් දිය දල්ල
දෙවිඳු න් හිසැ අහස් ගඟ මුල වැනි ලකල
හිමයෙ න් කඳුවලින් උකහා ගෙන සිහිල
ඉක්ම න් කෙටි දුරකදී බැස එන පහල
වේගෙ න් ගලන හැටි දැක වෙයි සිත සසල
ඉක්ම න් වුණා වැඩි නැතිදෝ ඔබ ගඟුල
ගණනි න් දහස් මුව දොඩවන දෙඩවිල්ල
සැණෙකින් පැන යමින් දඟලන දැඟලිල්ල
සුදුව න් පෙන නඟන දහසක් නෙරි රැල්ල
දුටුව න් මන බඳින බෙලිහුල් ඔය කෙල්ල
පිණි මෙ න් විසුරුවයි ගත වට හැඳි දුහුල
දිලෙමි න් නිවෙයි නෙතු අග බැල්මෙහි සුනිල
නිවමි න් ගිමන් තුරුලේ ගෙන දෙන සිහිල
මේව න් සුව ලොවෙහි නැත මිස ඔබ අසල
බැඳුණෙන් ඔබ වෙතම සැලමුතු පෙම පබල
කෙලෙසින් මිදෙන්නද ඔබගෙන් මනලෝල
පවස න් වචනයක් අද මට නොම පැකිල
සමගි න් ගාලු එනවද නොගොස් සමනල
